Home » පියසටහන් » ලිපි අංක 4: මයිකල් ෆැරඩේ

ලිපි අංක 4: මයිකල් ෆැරඩේ

භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂය ක්‍ෂේත්‍රයන් දෙකෙහිම විශිෂ්ඨ සොයාගැනීම් සිදු කල  මයිකල් ෆැරඩේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයයෙකි. විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් රසායනය මෙතුමන්  පර්යේෂණ සිදු කල විෂය ක්‍ෂේත්‍රයන් දෙකකි. විදුලි මෝටරය නිපදවීම ෆැරඩේ විසින් සිදු කල විශිෂ්ඨ නිර්මාණ අතර එකකි. (සැ.යු: induction motor එක නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ෆැරඩේ ට පසුකාලීනව බිහි වූ නිකොලා ටෙස්ලා නම් විද්වතාටය).

1791  සැප්තැම්බර් 22 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවර දිළිඳු පවුලක උපත ලද ෆැරඩේ හට නිසි මුලික අධ්‍යාපනයක් ලැබීමට සිය දිළිඳුකම හරස් විය. යන්තම් වයස 14 වන විට නගරයේ පොත් සාප්පුවක පොත් බඳින්නෙකු ලෙස සේවයට බැඳීමට පුංචි ෆැරඩේ ට සිදු විය. එහෙත් එයින් පසුබට නොවූ ෆැරඩේ, සිය පොත් බැඳීමේ රැකියාව ඉගෙනීම සඳහා ආශීර්වාදයක් කර ගන්නේ තමාට ලැබෙන සෑම පොතක්ම පාහේ කියවා දැනුම ලබා ගැනීමෙනි. විද්‍යාව පිළිබඳව ලියවුනු සෑම පොතක්ම වාගේ කියවූ ෆැරඩේ ගේ ප්‍රියතම විෂයයන් අතර බල ශක්තිය, බලය වැනි  ක්‍ෂේත්‍ර තිබුණි. පොත් පරිශීලනය හරහා දැනුම වර්ධනය කර ගනිමින් සිය රැකියාව කරගෙන ගිය ෆැරඩේ ගේ ජිවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් වන්නේ ලෝ සුපතල රසායන විද්‍යාඥයයෙකු වූ හම්ප්‍රි ඩේවි මුණගැසිම ය. මේ හමුවීමෙන් පසුව 1813 වසරේදී Royal Institute හි පර්යේෂණ සහකරුවෙකු ලෙස මයිකල් ෆැරඩේ නවතම රැකියාවක් ඇරඹිය. මෙතැන් සිට ආරම්භ වූ පර්යේෂණ කටයුතු තුලින් අති විශිෂ්ඨ සොයා ගැනීම් රාශියක් ලොවට දායාද කිරීමට මොහුට හැකි විය.

1831 වසරේදී ෆැරඩේ විසින් “විද්‍යුත් චුම්භක ප්‍රේරණ” සංසිද්ධිය සොයා ගැනීම අප වර්තමානයේ භාවිතා කරන විදුලි ට්‍රාන්ස්ෆෝමරය සහ විදුලි ජනකය යන උපකරණ බිහිවීමට අවශ්‍ය මුලික අඩිතාලම සැකසීය. මෙම සොයාගැනීම විදුලි ඉංජිනේරු විද්‍යාවේ අති  මහත් පෙරලියක් සිදුකිරීමට සමත් විය. එතෙක් හුදු සිහිනයක් පමණක්ව තිබු මහා පරිමාණ විදුලි ජනනය ප්‍රායෝගික යථාර්තයක් බවට පත් කිරීමට මෙම සොයාගැනීමට හැකි විය.

රසායන විද්‍යා විෂය ක්‍ෂේත්‍රයවෙනුවෙන්ද මෙතුමන් අමිල සේවයක් සිදු කර ඇත. බෙන්සීන් සොයා ගැනීම, බන්සන් දාහකය නිපදවීම, ඔක්සිකාරක අංක රටාව නිර්මාණය ඇතුලු නිර්මාණ රාශියක් මේ අතර වේ. එලෙක්ට්‍රෝඩය (electrode), කැතෝඩය (cathode) සහ අයන (ion) යන වදන් විද්‍යා පාරිභාශිකයට එකතු කිරීමට මෙතුමන් මුලිකවම දායක වී ඇත.

1840 දශකයේ මුල භාගයේදී ඇති වූ රෝගී තත්වයන් නිසා පර්යේෂණ කටයුතු වලින් මදක් දුරස්ව ගතකල මෙතුමන් 1867 අගෝස්තු 25 වන දින සදහටම මෙලොව හැර ගියේය. විද්‍යාව වෙනුවෙන් අමිල මෙහෙයක් සිදු කල මෙතුමාට උපහාරයක් ලෙස විද්යුත් ධාරිතාවය මනින ඒකකය ෆැරඩ් (farad) ලෙස නම් කර ඇත.

අපගේ ෆේස්බුක් පිටුවේ පළ වූ කෙටි ලිපිය:

5. Michael Faraday

මුලාශ්‍ර:

  1. http://en.wikipedia.org/wiki/Michael_Faraday
  2. http://www.bbc.co.uk/history/historic_figures/faraday_michael.shtml
ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *