Home » දැනුමට යමක් » අම්ල වැසි

අම්ල වැසි

සාමාන්‍යයෙන් වැහි වතුරේ යම් ආම්ලික බවක් තිබෙනවා. වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් වතුරේ දියවෙලා සෑදෙන කාබනික අම්ල නිසයි මෙලෙස වැහි වතුරේ යම් ආම්ලිකභාවයක් තියෙන්නේ. නමුත් අම්ල වැස්සක් ලෙසින් හඳුන්වන්නේ අධික ලෙස ආම්ලිකභාවයෙන් යුතු වැස්සකට. මෙවැනි අම්ල වැසි මගින් වගා හානි වීම, පානිය ජල පද්ධතිය දුෂණය වීම, ගොඩනැගිලි වලට හානි වීම  වැනි මිනිසුන් ප්‍රමුඛ ජිවින්ගේ ජිවිතයට බරපතල හානි ගෙනදෙන විපාක ඇති වන්න පුළුවන්. කෙසේ වෙතත්, මේ සියල්ලම සිදුවෙන්නේ මිනිසුන්ගේම ක්‍රියාකලාපය නිසා ඇතිවන පරිසර දුෂණය හේතුවෙන්.

acid-rain

අපගේ ජිවන රටාව සහ බලශක්ති පරිබෝජනය අතර තිබෙන්නේ ඉතාම සමීප සබඳතාවයක්. අපගේ එදිනෙදා ජිවිතයේ බොහොමයක් කටයුතු වලට බලශක්ති අවශ්‍ය වෙනවා. මේ බලශක්ති නිෂ්පාදනය කිරීමට බොහෝ විට භාවිතා කරන්නේ පොසිල ඉන්ධන. ( ගල් අඟුරු, පෙට්‍රල්, ඩීසල් ආදිය තමයි පොසිල ඉන්ධන ලෙසින් හඳුන්වන්නේ)

පොසිල ඉන්ධන දහනයේදී සල්ෆර් ඩයොක්සයිඩ් (SO2), නයිට්‍රජන් ඔක්සයිඩ් (NOx) වැනි විෂ වායු විමෝචනය වෙනවා. මෙම විෂ වායු අහසේ තිබෙන වැසි ජලය සමග මුසුවීම නිසා තමයි අම්ල වැසි ඇතිවෙන්නේ. මෙම ක්‍රියාවලිය පියවර හතරකින් පැහැදිලි කරන්න පුළුවන්.

පියවර 1:
විදුලි බලාගාර, කර්මාන්ත ශාලා, රථවාහන ආදියෙන් පිට කෙරෙන විෂ වායුන් වායුගෝලයට මුදා හරිම

පියවර 2:
සුළං මගින් මෙම විෂ වායු අහසේ  ඇති වැසි වළාකුළු වෙත රැගෙන යාම.

පියවර 3:
විෂ වායු වලාකුළු වල ඇති ජාල වාෂ්ප සහ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර අම්ල වර්ග සෑදීම.

පියවර 4:
අම්ල සහිත වැසි වලාකුළු මගින් අම්ල වැසි  වැටීම.

මේ ලිපියෙන් අපි සාකච්ඡා කලේ අම්ල වැසි ඇතිවන ආකරය. ඔබට මේ ලිපියෙන් යම් දැනුමක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරමි.

ස්තුතියි

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *