Home » විශේෂාංග » මෝටර් වාහන » මෝටර් රථ සම්ප්‍රේෂණ වර්ග සහ ඒවායේ ක්‍රියාකාරිත්වය

මෝටර් රථ සම්ප්‍රේෂණ වර්ග සහ ඒවායේ ක්‍රියාකාරිත්වය

ඔබේ සීයා කුඩා ළමයෙකු කාලයේ සෑම මෝටර් රථයකම පැඩල් තුනක් තිබුණු අතර සෑම රථයකම ක්ලච් පැඩලයක් දකුණු පස විය.නමුත් අද ගියර් බොක්ස් පෙර නොවූ විරූ ලෙස විවිධ ලෙස ඇ‌ති අතර එම කටයුතු අති සංකීර්ණ වන අතර ඒ‌ එක් එක් හි වාසිසහගත කරුණු සහ අවාසි සහගත කරැණු ද ඇ‌ත.සියලු සංකේත නාම හා කෙටි විස්තර මගින් අදහස් කරන දේ මොනවාද යන්න අවබොධ වීම තරමක් අසීරෑ නමුත්,මෙම ඉතා සංකීර්ණ පුදුම යාන්ත්‍රක කාර්‍ය්‍යයන් ඇත්තටම තරමක් සරල වේ.

1.මැනුඅල් ට්‍රාන්ස්මිෂන්(Manual transmission)

තවමත් භාවිතා වන සරළතම සහ පැරණිතම විශ්වාසය තැබිය හැකි සම්ප්‍රේෂණය වර්ගය නම් මැනුඅල් ගියර් බොක්ස් වේ.මෙම වර්ගයේ ගියර් බොක්ස් එන්ජිමේ භ්‍රමණ ශක්තිය සම්ප්‍රේෂණය හා සම්බන්ධ කිරීමට රියදුරුගේ පාද සහාය ඇ‌තිව ඝර්ෂණ ක්ලච් භාවිතා කරයි.එහි සිට ස්ථාවර ගියර් සමූහයක් සහ සින්ක්‍රොනයිසිං එකලසක් හා ගියර් සිලෙක්ටර් ෆෝර්ක් කට්ටලයක් හරහා රියදුරුගේ වම් හෝ දකුණු අත(එක් එක් රටවල් අනුව)මගින් මෙහෙයවනු ලබන ගියර් ගියර් ලීවරයක් මගින් ගියර තෝරාගනු ලබයි.

එය වසර ගණනාවක් පුරා විවිධ නම් වලින් එනම් මැනුඅල්,ස්ටික් ශිෆ්ට්,සම්මත,තුන,හතර, පහ සහ සිව් වේග යන නම් වලින් හැඳින් වූ අතර ඔබට ඒ‌ ඕනෑම නමක් භාවිතා කල හැකිය.නමුත් එය කෙසේ වෙතත් මෙම විශ්වාසවන්තයා ප්‍රතික්ෂේපවී ඉවත්වී නොයනු ඇ‌තැයි කිව නොහැක.

අද මැනුඅල් ගියර් බොක්ස් වාහන ඉතා කුඩා ප්‍රමාණයක් හඳුන්වාදෙන අතර ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා වැඩි ප්‍රතිශතයක් එක් කරන ආකාරය බවක් පෙනෙන්නට නැත.

එහි අනාගතය සඳහා ඇති කටුක දෘෂ්ටිය තිබිය දී නවීන හා වඩාත් සංකීර්ණ විකල්ප වලට වඩා වාසිදායක බොහෝ දේ එහි ඇත.මැනුඅල් ගියර් බොක්ස් අනෙක් සම්ප්‍රේෂණ වර්ග වලට වඩා මිල අධික අලුත්වැඩියා ඇ‌ති ඉඩකඩ අඩු බව සහ එහි ප්‍රශ්ණයක් ඇ‌ත් නම් අදාල කරුණ නිවැරදි කිරීම ලාබදායී හා පහසුය.

manual-gear-shifter

Manual gear shifter

මෙම මැනුඅල් ගියර් බොක්ස් දශක ගනනාවක් තිස්සේ සම්මතයට පැමිණි එකම තේරීම වූ අතර සෑම ස්පෝර්ට් මෝටර් රථයකම පාහේ මැනුඅල් ගියර් බොක්ස් වලින් සමන්විත විය. නමුත්,මෑත වසර කිහිපය තුළ බොහෝ ඉහළ මට්ටමේ කාර්‍ය්‍යය සාධනය මෝටර් රථ වල ද්විත්ව-ක්ලච්(Duel Clutch)හෝ අර්ධ ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ (Semiautomatic Transmition)විසින් මෙම මැනුඅල් ගියර් බොක්ස් වලට තිබූ ස්ථානය අත්රගෙන කර ඇත.කෙසේ වෙතත්,එය තවමත් බොහෝ සවයංක්‍රීය සහ CVT සම්ප්‍රේෂණය වඩා හොඳ කාර්‍ය්‍යය සාධනයක් ඉදිරිපත් කරයි.එසේම, ඉන්ධන පිරිමැස්මත් ඒ‌ හා සමාන කතාවකි. මෑතක් වන තුරුම තමන් විසින්ම ගියර මාරු කිරීමට තීරණය කල රියදුරන්,අන් අයට වඩා පැහැදිලි ලෙසම ඉන්ධන පිරිමැස්ම භුක්ති විඳින ලදී. ස්වයංක්‍රීය ගියර් බොක්ස් එහි ගියර් ගණනය ඉහළ නොදැමූ අතර දැන් සැලකිය යුතු එම පරතරය අඩු කර ගෙන ඇ‌ත.

තමන්ට ආවේනික සරළ කාර්‍ය්‍යය සාධනය සහ ඉන්ධන පිරිමැස්මට වඩා සමහර විට වඩාත්ම ප්‍රධානම දෙය රියදුරු අත්දැකීමය.මෙම පැරණි මැනුඅල් ගියර් බොක්ස් එකක නියම කාලයට අනුව ගියර මාරැකිරීමෙන් ලැබෙන හැඟීම කිසිදු සම්ප්‍රේෂණයකට පරාජය කළ නොහැකිය.

වාසි(Advantages)

  • ඉතා ශක්තිමත් සහ ඉහළ ව්‍යාවර්ථ හැසිරවිය හැක.
  • ඉතා විශ්වාසදායක වන අතර සාපේක්ෂ වශයෙන් සේවා සඳහා පහසුවෙන් අලුත්වැඩියා කිරීම හා පවත්වාගෙන යාමට හැකි වීම.
  • රෝද හතරම මගින් හා සම්ප්‍රේෂණය විසින් එන්ජින් අතර ඝන සබැඳි භාවිතය සහ එන්ජිම බ්‍රේක් කිරීම(ගියර් මාරැකිරීම මගින්)භාවිතය ඉඩ දීම මගින් අනතුරුදායක විය හැකි ලිස්සන සුළු බෑවුම් බැසීමට off-road මාර්ග තුළ රියදුරන් සඳහා ඉතා වටිනා ධාවන ආධාර ලබා දෙයි.
  • අලුත්වැඩියා කිරීම ලාභදායිවීම.

අවාසි(Disadvantages)

  • පුරැදුවීම:ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ ධාවනය සඳහා පුරුදු වී සිටින රියදුරන් සඳහා හෝ ආ‌ධුනිකයන් සඳහා ක්‍රියාත්මක කිරීමට අපහසු වීම.


2. ස්වයංක්‍රීය සම්ප්‍රේෂණය(Automatic transmission)

automatic

Automatic Gear Selector

බොහෝ දුරට අද පාරේ වඩාත් පොදු සම්ප්‍රේෂණය ස්වයංක්‍රීය සම්ප්‍රේෂණයි.එය රථයේ පරිගණක මගින් පාලනය කරනු ලබන හා ග්‍රහ ගියර කට්ටලයක්,බ්‍රේක් සහ ක්ලච් මාලාවක් සමග එකට ඇ‌ති අතර එන්ජිමේ භ්‍රමණ ශක්ති සම්ප්‍රේෂණය කිරීමට ඉතා සංකීර්ණ ටෝර්ක්කන්වටරයක් (torque converter) සහ ලොක්අප් ක්ලචයක් (lock up clutch) භාවිතා කරයි.

තිරයෙන් පිටුපස මෙම පියවර බෙහෙවින් සංකීර්ණ වුවත්,සියලු රියදුරන්හට කිරීමට ඇත්තේ ගියර් තේරීම් මත හුරු පුරුදු P-R-N-D-L-1-
2-හෝ 3 තෝරා ගැනීම් වලින් එකක් තේරීම් වේ. ඇත්තෙන්ම මෙහි ඇ‌ති වාසි නම් සරල රියදුරු අත්දැකීම් හා මෘදු පුහුණු අත්දැකීමයි.ධාවනය සරල වුවත් කාර්මික වෘත්තියට අදාලව ඇ‌තිවන සංකීර්ණ යාන්ත්‍රික දෝෂ නිවැරදි කිරීමට ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ වැඩිපුර ගොදුරු වේ.

බොහෝ ස්වයක්‍රීය සම්ප්‍රේෂණ ක්‍රියාකාරීත්වය ඉන්ධන පිරිමැස්ම සඳහා මැනුඅල් සම්ප්‍රේෂණ හා සමාන ලෙසම නොහැකි වුවද,මුල් පරම්පරාවේ ස්වයංකීය සම්ප්‍රේෂණ හා සසඳන විට නූතන පරම්පරාවේ ස්වයංක්‍රීය ස්ප්‍රේෂණ ඊට වඩා සමීප වේ.ඇතැම් අලුත් මෝටර් රථ ඉදිරියට ගියර හතක් හෝ අටක් සහිත සම්ප්‍රේෂණවලින් සමන්විත වේ.

වාසි(Advantages)

  • භාවිතා කිරීමට ඉතා පහසුවීම.
  • සැප පහසු රියදුරු අත්දැකීමක් ලබාදීම.
  • නවීන ස්වයංක්‍රීය සම්ප්‍රේරේෂණ,කාර්‍ය්‍යය සාධනය හා ඉන්ධන පිරිමැස්ම අනුව මැනුඅල් සම්ප්‍රේෂණ හා සමානවම තිබීම.

අවාසි(Disadvantages)

  • සංකීර්ණ නමුත් එය විවිධ සම්බන්ධ හේතුවෙන් සමහර ගැටලු නිසා අසාර්ථක වීම සහ අසතුටුදායක කාර්‍ය්‍යය සාධන ඇ‌ති කරයි.
  • මෝටර් රථයේ ජීවිත කාලය පුරා පවත්වාගෙන යෑම සඳහා මැනුඅල් සම්ප්‍රේෂණයට වඩා වියදම් අධික වීම.
  • මැනුඅල් සම්ප්‍රේෂණයට වඩා අලුත්වැඩියා කිරීම සඳහා මිල අධිකවීම.
  • බොහෝ විට වඩාත් ඵලදායීව විකල්පයක් වන එන්ජින් බ්‍රේකිං ලබා ගත නොහැකි වීම නිසා off-road මාර්ග පරිසර තුළ භාවිතය සඳහා නුසුදුසුවීම.

3. විචල්‍ය සම්ප්‍රේෂණය(Continuously variable transmission-CVT)

cvt-gear-box

CVT Gear box

මෙම CVT ස්වයංක්‍රීය සම්ප්‍රේෂණයට සමාන රියදුරු අත්දැකීම් ඉදිරිපත් කරයි.නමුත් සම්පූර්ණයෙන්ම වෙනස් යාන්ත්‍රණයක් භාවිතා කර ක්‍රියාත්මක කරයි. සැබවින්ම CVT සම්ප්‍රේෂණයේ ගියර් නොමැති අතර ඒ වෙනුවට,එය අනුපාත අනන්ත පරාසයක් නිෂ්පාදනය කිරීමට බෙල්ට් සහ පුලි පද්ධතියක් භාවිතා කරයි. මෝටර් රථ පරිගණක විශේෂයෙන් රිය පැදවීම් තත්වය සඳහා ප්‍රශස්ත අනුපාතය නිර්මාණය කිරීමට පුලි වෙනස් කරන ආකාරය තීරණය කරයි. මෙය CVT සම්ප්‍රේෂණයේ ඇ‌ති මූලික වාසියක් වන ඉන්ධන පිරිමැස්ම නිර්මාණය කරයි.මෙම CVT සම්ප්‍රේෂණයට වඩා වෙනත් කිසිම සම්ප්‍රේෂණ වර්ගයකට තවමත් ඉන්දන පිරිමැස්මක්(ඉන්දන ලීටරයකට වැඩි කිලෝමීටර් ගණනක්)ඔප්පු කළ නොහැකිය.

මෙම CVT සම්ප්‍රේෂණය ස්වයංක්‍රීය සම්ප්‍රේෂණයට වඩා සංකීර්ණ නොවන අතර CVT අසාර්ථකවීම් සහ අලුත්වැඩියාවන් වියදම් අඩුය.(මැනුඅල් සම්ප්‍රේෂණ තරම් අඩු නොවේ)මෙහි ඇ‌ති ලොකුම අඩු පාඩුව නම් ධාවන අත්දැකීම්ය.ගියර් මාරැවීම හුදෙක්,සුමට හා සීමා මායිම් රහිත ත්වරණය පවතින බැවින් CVT සම්ප්‍රේෂණයේ සැබෑ රියදුරු උද්යෝගයක් දැකිය හැකිය.

වාසි(Advantages)

  • නියතය ගියර මාරැවීම නිසා එන්ජිමේ ප්‍රශස්ත ක්‍රියාත්මක පරාසය පුරා අඩු නොවන ත්වරණය.
  • ගියර මාරැවීමේ දී ඇති වන ” shift shock ” ඉවත් කර සුවපහසු ගමන් සපයයි.
  • වඩා හොඳ ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාවක් ලබාදීම.
  • විවිධ ධාවන තත්වයන් හා එන්ජින් වේගය වෙනස්වන ලෙස රිය පැදවීමේදී වේගවත් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව.
  • ටෝර්ක්කන්වටරය සමග සංයෝජිත බලශක්ති හානියක් නොමැතිවීම.

අවාසි(Disadvantages)

  • සීමිත ව්‍යාවර්ථ හැසිරවීමේ හැකියාව නිසා off-road පරිසර තුළ භාවිතය සඳහා නුසුදුසු.
  • එන්ජින් බ්‍රේකිං ලබා දිය නොහැවීම.

4.අර්ධ-ස්වයංක්‍රීය සහ දිත්ව-ක්ලච් සම්ප්‍රේෂණය(Semi-automatic and dual-clutch transmissions)

semi-automatic

Semi-automatic gear selector

පූර්ණ ස්වයංක්‍රීය හා මැනුඅල් සම්ප්‍රේෂණ යන දෙක අතර ඇ‌ති දෙමුහුන් එකක් ලෙස එය හැඳින්විය හැකිය.අර්ධ ස්වයංක්‍රීය සම්ප්‍රේෂණය සාම්ප්‍රදායික සම්ප්‍රේෂණයට සමාන යාන්ත්‍රික සැකැස්මක් භාවිතා කරන නමුත් එය ගියර වෙනස් කිරීමට හයිඩ්‍රොලික් සහ ඇ‌ක්චුඒ‌ටර් පද්ධතියක් භාවිතා කරයි.ද්විත්ව-ක්ලච් ගියර පද්දති(DCT) තුල ඇදහිය නොහැකි තරම් වේගයෙන්(මිලිතත්පර 150 ක් තුල දී)ඔත්තේ ගියර(1,3,5 සහ 7) සහ ඉරට්ටේ ගියර(2,4 සහ 6)සඳහා මාරැවීමට ඉඩ සලසා දෙන අතර ඒ‌ සඳහා ක්ලච් දෙකක්(K1 සහ K2)වෙන වෙනම භාවිතා අතර ඉන්පුට් ශාෆ්ට් දෙකක් සහ අවුට් පුට් ශාෆ්ට් එකක් හෝ දෙකක් සඳහා වෙනම ග්‍රහණයෙන් ඇති අතර මෙම ගියර් බොක්ස් සාමාන්‍යයෙන් පූර්ණ ස්වයංක්‍රීය මාධ්‍යයෙන් සහ ස්ටීරියන් වීලය යට ඇ‌ති පැඩල් ශෆ්ට් දෙකක් හරහා හෝ ගියර් ලීවරය මැනුඅල් මාධ්‍යයෙන් ක්‍රියාත්මක කල හැකිය.

මැනුඅල් ගියර් බොක්ස් එකකට කල නොහැකි අකුණු සැරයක වේගයෙන් ගියර් මාරැකිරීමේ හැකියාවක් අර්ධ-ස්වයංක්‍රීය සම්ප්‍රේෂණය සහ දිත්ව-ක්ලච් මගින් ලබාග හැකිය.වර්ථමානයේ මෙම වර්ගයේ සම්ප්‍රේෂණ රේස් කාර් සහ උසස් කාර්‍ය්‍යය සාධන ස්පෝර්ට්ස් කාර් සඳහ යොදාගන්නා බැවින් තරමක් මිල අධිකය.මෙම ඇ‌ති අවාසිය නම් අතිශය සංකීර්ණත්වය නිසා නිතර මිල අධික අලුත්වැඩියාවන්ට ගොදුරැවීමයි.

වාසි(Advantages)

  • සුමට ගියර් මාරැවීම/වඩා හොඳ රියදුරු අත්දැකීම්.
  • ටෝර්කකන්වටරයක් නොමැති නිසා සහ මැනුඅල් ගියර් මාරැකිරීමේදී ගතවන කාල පමාව නිසා ඇ‌තිවන බලශක්ති හානි නොමැතිවීම.

අවාසි(Disadvantages)

  • සම්ප්‍රේෂණයටම සම්බන්ධයක් නැති සමහර විවිධ සංකීර්ණ ගැටලු හේතුවෙන් අසාර්ථක වීම සහ අසතුටුදායක කාර්‍ය්‍යය සාධනයන් ඇ‌ති කිරීම.
  • අනිත් සම්ප්‍රේෂණයන්ට වඩා පවත්වාගෙනයාම මිල අධිකවීම.
  • අලුත්වැඩියා කිරීම සඳහා ඉතා මිල අධිවීම.අවස්ථාව අනුව බොහෝ විට වඩාත් ඵලදායීව විකල්ප මාරැකිරීම් මිල අධිකවීම.

චන්ද්‍රසිරි ජයවික්‍රම විසින්…..

————————————————–
විදුලොවින් වෙබ් සඟරාව සමග එකතු වී ඔබේ දැනුම බෙදා ගන්න කැමති නම් පහත පෝරමය පුරවා එවන්න (සැයු: ඔබගේ පැහැදිලි කැමැත්තක් ඇතිනම් පමණක් මෙය පුරවා එවන්න. නිකරුනේ පිරවීමෙන් වලකින්න)

විදුලොවින් සමග එකතු වෙන්න කැමතිද?

 

Verification


විදුලොවින් සමග සම්බන්ධවී විද්‍යාව හා තාක්‍ෂණය ප්‍රචලිත කිරීමට ඔබත් කැමති නම් ලිපිය පහල ඇති පෝරමය පුරවා එවන්න. එසේ නොමැති නම් vidulowin.lk@gmail.com ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවන්න.


If you wish to join vidulowin as a resource person to promote Science & Technology, please feel free to fill the form at the end of the article or send an email to vidulowin.lk@gmail.com.

Thank you

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *