Home » විශේෂාංග » The Future Scholar » කොරල්පර ගැන…..

කොරල්පර ගැන…..

අප ජිවත් වන මේ ලෝකය පුරාම සොබා දහමේ අනර්ඝ වූ නිර්මාණයන් බොහෝය. එවන් දායාද විවිධ ශාක මෙන්ම සත්ව ප්‍රජාවන්ටද වාසස්ථානයක් වෙයි. නිල් ජල කඳ වෙලාගත් සයුරද ස්වභාවධර්මයේ පුදුමාකාර නිර්මාණයකි. ඒ සයුරේ සොඳුරු දායාදය නම් කොරල්පර ය. නැති නම් මුහුදු වැසි වනාන්තර ය. ලොව විශාලතම කොරල්පරය ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ මහාබාධක කොරල්පරය වේ (Great Barrier Reef). පරිසර විද්‍යාඥයින්ට අනුව අවුරුදු මිලියන 50 ක පමණ කාලයක් තුල පරිණාමය වී නිර්මාණය වූ කොරල්පර, පෘථිවිය මත ජෛව විවිධත්වයෙන් ඉතාම සංකීර්ණ පරිසර පද්ධතියකි. ලොව පුර කොරල් විශේෂ 800ක ට අධික ප්‍රමාණයක් ඇත. කොරල්පර සියලු සමුද්‍ර විශේෂ 1 /4 ක පමණ වාසස්ථානයක් ද වෙයි. එසේම, කොරල්පර පරිසරයට සේම මිනිසාටද මහඟු ප්‍රයෝජන සලසයි.

great-barrier-reef


මහා බාධක කොරල්පරයේ කොටසක්

කොරල්පර වලින් සැලසෙන ප්‍රයෝජන

  • ජනයාගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපයන විශාලතම මූලයයි. (වැඩුණු පරයක වර්ග කිලෝමීටර් එකක පෙදෙසක වාර්ෂිකව මිනිසුන් 2500 ක ට මත්ස්‍ය ආහාර ටොන් 15කට අධික ප්‍රමාණයක් ගත හැකිය)
  • කොරල්පර නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයින් මගින් විශාල විදේශ විනිමයක් උපයාගත හැක.
  • මත්ස්‍ය කරමාන්තය දියුණු වීම මගින් ආර්ථිකය දියුණු කර ගත හැක.
  • වෙරළ ඛාදනය වළක්වා ගත හැකිය.
  • ඖෂධ නිපදවීමට (ඒඩ්ස් රෝගීන් සඳහා වන ඇසිඩෝතයිමින් – AZT නමැති ඖෂධය නිපදවීමට)

කොරල්පර විනාශ වන්නේ කෙසේද?

  • ප්‍රමාණය ඉක්මනවා මසුන් මැරීම
  • මසුන් මැරීම සඳහා භාවිතා කරන අහිතකර ක්‍රම (සෝඩියම් සයනයිඩ්)
  • කර්මාන්ත ශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය හා කෘෂි රසායනික ද්‍රව්‍ය ගංගා ඔස්සේ ගලා ගොස් මුහුදට එකතු වීම.
  • කොරල් කැඩීම
  • මුහුදු පතුලේ ඇතිවන භූ කම්පන නිසා
  • ගෝලීය උණුසුම ඉහළ යෑම මගින්

මංජරී මනේෂා හසංජලි මීදෙනිය
8 ශ්‍රේණිය
මහින්ද රාජපක්ෂ විද්‍යාලය
හෝමාගම

ලිපිය ගැන ඔබගේ අදහස් මනේෂා දියණිය දන්වන්න

 

Verification

 

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *