Home » විශේෂාංග » බලශක්ති » Concentrated solar power

Concentrated solar power

මේ ලිපියෙන් කතා කරන්නේ සුර්ය විදුලි බලාගාරයක් ගැන වුනත් මෙහි මෙහි භාවිතා වන්නේ අපි නිතර දකින සුර්ය කෝෂ තාක්‍ෂණය නෙමෙයි. සුර්ය කෝෂ වෙනුවට තියෙන්නේ කණ්නාඩි හෙවත් දර්පණ. මේ විදුලි උත්පාදනය ක්‍රමයට කියන්නේ concentrated solar power (CSP) කියල. රූප සටහනේ පෙන්වා තිබෙන්නේ CSP විදුලි බලාගාරයක්.

උත්තල කාචයකින් සුර්යාලෝකය එකට එකතු කරලා කඩදාසි, පුළුන් කෑලි වගේ දේවල් පුච්චපු අතීතයක් ඔබටත් ඇති. එතැනදී සිදුවුනේ සුර්ය තාපය එක තැනකට කේන්ද්‍රගතCSP කිරීම නිසා එතන විශාල තාප ශක්තියක් එකතු වීම. මේ පදනම ම තමයි මෙම CSP තාක්‍ෂණයේත් තියෙන්නේ. මෙතැනදී වෙන්නේ බිම සවිකර තිබෙන දර්පණ මගින් සුර්යාලෝකය මෙහි ඇති කුළුණේ ඉහල කොටස වෙත පරාවර්තනය කරනවා. දර්පණ දස දහස් ගණනකින් එහෙම නැති නම් ලක්ෂ කිහිපයකින් පරාවර්තනය කර එවන මේ සුර්ය කිරණ නිසා එහි ඉතා ඉහළ උෂ්ණත්වයක් ඇති වෙනවා (ඇතැම් විට සෙල්සියස් අංශක 1000ක පමණ). )හිරුගේ පිහිටීම අනුව දර්පණ වල පිහිටීම වෙනස් කිරීමට tracking system එකක තිබෙනවා. ) මේ උෂ්ණත්වය භාවිතා කර හුමාලය නිපදවා එමගින් විදුලිය නිපදවනවා. ඇතැම් CSP විදුලි බලාගාර වල අවශ්‍ය විටෙක විදුලිය නිපදවීම සඳහා ඉහල තාප ධාරිතාවකින් යුතු ද්‍රාවණයක් රත් කර ගබඩා කර තබා ගන්නවා. ඉන්පසු, අවශ්‍ය විටක එම ද්‍රාවණයෙන් තාපය ලබාගෙන හුමාලය නිපදවා විදුලි නිෂ්පාදනය් කරනවා.

මේ වන විට CSP තාක්‍ෂණය වාණිජ මට්ටමින් විදුලිය නිපදවීම සඳහා භාවිතා කරනවා. මෙහි වැඩිම භාවිතාව වාර්තා වන්නේ ස්පාඥයෙන් – 2014 වන විට ස්පාඥය සතු CSP ධාරිතාව මෙගා වොට් 2,300 බව තමයි විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් වන්නේ. මිට අමතරව ඇමෙරිකාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව මෙන්ම මැද පෙරදිග රටවල් වලද CSP තාක්‍ෂණය භාවිතා වනවා. ලොව විශාලතම CSP විදුලි බලාගාරය තිබෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ – එය මෙගා වොට් 392ක්.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *