Home » විශේෂාංග » මෝටර් වාහන » CVT ට්‍රාන්ස්මිෂන් හඳුනාගනිමු

CVT ට්‍රාන්ස්මිෂන් හඳුනාගනිමු

රථ වාහන ලොවේ අද බෙහෙවින්ම නවීන රථ සදහා යොදා ගැනෙන සම්ප්‍රේෂන පද්ධතියක් වන  CVT හෙවත් Continuously Variable Transmission ගියර් පද්ධතියක් පිලිබදව දැනුවත් කිරීමට මා බලාපොරොත්තු වෙමි. CVT සම්ප්‍රේෂණ පද්ධති වර්ග කිහිපයක්ම ඇති අතර මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ දම්වැල් සහ කප්පි (පුලි – pulley) භාවිතා කරන CVT පද්ධතියක් වන chain-driven CVT ගැනයි.

cvt_list01

රූප සටහන් අංක 1

මෙම ගියර පද්ධතිය තුල පුලි දෙකක් ශාෆ්ට් දෙකකට සෘජුව සම්බන්ධ කර ඇති අතර ඒම පුලි දෙක ප්‍රාථමික පුලිය සහ ද්විතික පුලිය ලෙස හෝ drive pulley සහ driven pulley ලෙසින් හඳුන්වයි. මෙහි ඩ්‍රයිව් පුලිය යනු එන්ජිම මගින් කරකවන පුලිය වන අතර ඩ්‍රිවන් පුලිය යනු රෝද වෙත ජවය සම්ප්‍රේෂණය කරන පුලිය වේ. රූප සටහන් අංක 1 බැලූ විට එය ඔබට වටහා ගැනීමට පහසු වනු ඇත. මෙහි ප්‍රාථමික පුලිය සහ ද්විතීක පුලිය එලවනු ලබන ස්ටීල් බෙල්ට් එකකින්සම්භන්ද කර ඇති අතර එමගින් ගියර අනුපාතයන් වෙනස් කරමින් ලබා දෙයි. එහෙත් මෙහිදී ගියර අනුපාත ලබාගැනීම සදහා යොදා ඇති පුලි වෙනස් කිරීම සිදුකරනු ලබන්නේ පාලන ඒකකය.(gear control unit) මගිනි. රූප සටහන් අංක 2 හි පෙන්වා ඇත්තේ CVT ගියර් පද්ධතියකි.

cvt-4

රූප සටහන් අංක 2

එමෙන්ම එන්ජිමෙහි බලය සුමුදු ලෙස ගියර පෙට්ටිය තුලට සම්ප්‍රේෂ්නය කිරීමටත් තිරිංග යොදන අවස්ථා වලදී හෝ ඇක්සලරේටරයෙන් පය ඉවතට ගත් විටදී එම සම්බන්ධය බිදීමටත් මෙයට ක්ලච් ක්‍රියාකාරීත්වය අවශ්‍යවන අතර ඒ සදහා සාමාන්‍ය ඔටෝගියර පද්ධතියක සදහා යොදා ඇති ටෝක් කන්වටරයක්ද (torque converter) යොදා තිබේ.ටෝක් කන්වටරයට පසු මෙහි සාමන්‍ය ගියර පෙට්ටි වල ඇති එපිසයික්ලික් ගියර (epicyclic gear) කට්ටලයක්ද ඇත.

එපිසයික්ලික් ගියර් කට්ටලයේ අවශ්‍යතාවය  කුමක්ද?

මෙහි ප්‍රාථමික පුලි හා ද්විතීක පුලි හරහාඑලවුම නිතරම රෝද වලට සම්භන්ද කර ඇති බැවින් එන්ජිම පනගැන්වීම,රථය නිව්ට්‍රල් කිරීම හා ර්වස් කිරීම යන එලවුම් අවස්තා ලබා ගත නොහැකි වේ.එනම් එය දැනට භාවිතයේ ඇති cvt කුඩා මෝටර් බයිසිකලයක් සේ ක්‍රියා කරයි.එහෙත් මෝටර් රථයක ඉහත මා සදහන් කෙරූ කොටස අනිවර්‍ය වන අතර එය ලබා ගැනුම සදහා එපිසයික්ලික් ගියර යොදා තිබෙයි.

එමෙන්ම මෙහි ඉතා වැදගත් කොටසක් වන ස්ටීල් බෙල්ට් එකද CVT එලවුම ලබා දීම,කි.මී ලක්ෂ් 3ක් පමන ධාවනය කිරීමට හැකි වීම,වැඩි ලෝඩ් එකට ඔරොත්තු දීම,එකතැන නැමිය හැකි වීමටත් හැකි ලෙස මෙය වානේ පටි දෙකක් ස්ටීල්බ්ලොක් යොදා නිර්මානය කර තිබෙයි.

රථයේ වේගයට සාපේක්ෂ්ව රියදුරුට හෝ රථයට කිසිදැනීමකොන් තොරව ගියර අනුපාත ලබා දීම සදහා නිර්මානය කරඇති CVT ගියර් පද්දති සදහා භාවිත කිරීමට විශේෂිත වූ ලිහිසි තෙල් ද එම වාහන නිශ්පාදන සමාගම් විසින්ම නිර්දේශ කර ඇති අතර අනවශ්‍ය තෙල් භාවිතය තුලින් මෙම ගියර පද්දතිය විනාශ වී දෝශ හටගැනීම නොනැවැත් විය හැකිය.

 නුවන් චාමර 

(වෙබ් සඟරාවේ පළවන නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනුවත් වෙන්නේ සාමාජික අයදුම්පත පුරවා විදුලොවින් සාමාජිකත්වය ලබා ගන්න)

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *