Home » විශේෂාංග » බලශක්ති » සුර්ය බලයෙන් දුවන බස් රථය

සුර්ය බලයෙන් දුවන බස් රථය

විදුලොවින් වෙබ් සඟරාවේ බලශක්ති ගැන කතා කරන්න වෙන්වුණු මේ කොටසින් අද කතා කරන්නේ බොහොම සුවිශේෂී බස් රථයක් ගැන. සාමාන්‍ය බස් රථයක් වගේ පෙනුනත් මෙම බස් රථයේ විශේෂත්වයක් තිබෙනවා. මේ බස් රථය තමයි සම්පුර්ණයෙන්ම සූර්ය විදුලියෙන් ධාවනය වන ලොව පළමු බස් රථය. ධාවනය වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර. මෙම බස් රථ සේවාව පටන් අරගෙන තියෙන්නේ 2007 වසරේදී. ආසන 25 කින් සමන්විත මෙම බස් රථයට 76 km/h වේගයකින් ධාවනය soar busවෙන්න පුළුවන්.

මෙම බස් රථයේ වහල මත සූර්ය පැනල සවිකර තිබුනත් ධාවනය සඳහා අවශ්‍ය සම්පූර්ණ විදුලි ශක්තිය ලබා දෙන්නේ මෙම සූර්ය පැනල මගින් නෙමෙයි. සාමාන්‍ය විදුලි වාහනයක මෙන් මෙහිද බැටරි පද්ධතියක් ඇති අතර එම බැටරි මගින් ධාවනයට අවශ්‍ය විදුලිය ලබා දෙනවා. මෙහි ඇති බැටරි පද්ධතියේ ධාරිතාවය කිලෝ වොට් පැය 220ක්. මෙය සෝඩියම් නිකල් හයිද්‍රයිඩ් බැටරි පද්ධතියක්. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙම බැටරි ආරෝපණය කරන්නේ සම්පුර්ණයෙන්ම සුර්යආලෝකයෙන් නිපදවූ විදුලි බලයෙන්. මෙසේ සුර්ය බලයෙන් බැටරිය ආරෝපණය කරන මධ්‍යස්ථානයක් ඇඩිලේඩ් නගරයේ තිබෙනවා. මේ නිසා මෙම බස් ධාවනයේදී කිසිදු පරිසර හානියක් සිදුවන්නේ නැහැ. මේ අනුව වසරකට පරිසරයට නිකුත්වීමට තිබුන කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 70,000ක් පමණ වලක්වගන්න හැකි බවයි පැවසෙන්නේ.

පෘථිවි උෂ්ණත්වය ඉහල යාම ඇතුළු පරිසර විනාශයන් අවම කර ගැනීමට නම් අපි දැනට නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 50% වත් අඩු කර ගන්න සිදුවෙනවා ඉදිරි දශක දෙක පමණ කාලය ඇතුලත. ගමනාගමන විෂය ක්ෂේස්ත්‍රය පරිසරයට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කෙරන එක ප්‍රධාන මාර්ගයක්. මේ නිසා තමයි දැන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනයට එරෙහිව ඉතාම දැඩි නීති රෙගුලාසි පැනවෙමින් තිබෙන්නේ.මෙවැනි බස් රථ මගින් පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් ගොඩ නගන්නට හැකි වේවි ඉදිරියට.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *