Home » හෙට ලොව තාක්‍ෂණය » ලොව ප්‍රථම මගී ඩ්‍රෝනය

ලොව ප්‍රථම මගී ඩ්‍රෝනය

මිනිසුන් ගෙයන යා හැකි ලෙසින් සැකසු ලොව ප්‍රථම ඩ්‍රෝනය (drone) 2016 ජනවාරි 6 වෙනිදා ඇමෙරිකාවේ ලාස් වේගාස් හි CES gadget show ප්‍රදර්ශනයේදී එළිදැක්වුණා. පහත ඡායාරූප වලින් පෙන්වන මෙම ඩ්‍රෝන් යාත්‍රාව නම් කර තිබෙන්න EHang 184 ලෙසින්. මෙය Ehang නම් චීනයේ ඩ්‍රෝන් නිෂ්පාදනය කරන ආයතනයේ නිෂ්පාදනයක්.

මෙම යාත්‍රාවට කිලෝග්‍රෑම් 100ක බරක් රැගෙන මිනිත්තු 23ක කාලයක් මුහුදු මට්ටමේ පියාසර කරන්න හැකියාව තිබෙනවා. මෙහි ඇති ප්‍රොපෙලර් හතර හකුළාගත් විට මෙයටEHang 184 සමාන්‍ය වාහනයකට යන ඉඩ ප්‍රමාණය පමණයි අවශ්‍ය වන්නේ නවතා තබන්නට. මෙහි ඇති කැබින් එකේ තනි පුද්ගලයෙකුට අසුන් ගත හැකි අතර කුඩා ගමන් මල්ලක්ද තබා ගත හැකියි. කැබින් එක වායුසමනය කර ඇති අතර ගුවන් ගමන අතරතුර පොතක් කියවීම සඳහා අවශ්‍ය ආලෝකය ද සපයා තිබෙනවා.

සම්පුර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන මෙම ඩ්‍රෝනයේ ඇති බැටරිය පැය 2 ක කාලයකින් සම්පුර්ණයෙන්ම ආරෝපණය කල හැකියි. බැටරියේ ආරෝපණය මෙයට ගුවනේ සැතපුම් 10ක දුරක් ගමන් කිරීමට ප්‍රමාණවත් අතර පැයට සැතපුම් 62ක උපරිම වේගයක් ද මෙයට ලබා ගත හැකියි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙය autonomous යානයක්. එනම්, මෙය රැගෙන යන මගියාට එය හැසිරවිය යුතු නැහැ. ඔහු හෝ ඇය කළ යුත්තේ තම ගමනාන්තය මෙම ඩ්‍රෝනයට ලබා දීමයි. ගුවන් ගත වීමට සහ ගොඩ බෑමට මගියා විසින් නියෝග නිකුත් කල යුතු අතර එය බොත්තමක් තද කිරීමෙන් සිදු කල හැකියි. ඉතිරි සියලු දේ ඩ්‍රෝනය විසින් තනිවම සිදු කර ගන්නවා.

මෙහි නිෂ්පාදන සමාගමට මීළඟට මුහුණ දීමට ඇති ප්‍රධානම අභියෝගයක් වන්නේ මෙම ඩ්‍රෝනය ගුවන් ගත කිරීම සඳහා අවසර ලබා ගැනීමයි. මිනිසුන් රහිත ඩ්‍රෝනයක් ගුවන්ගත කිරීමට වඩා මිනිසුන් සහිත එකක් ගුවන් ගත කිරීම සඳහා අවසර ලබා ගැනීම බොහෝ අසීරු කටයුත්තක්. නමුත් ඔවුන් ඒ ගැන බොහොම සුභවාදී බලාපොරොත්තු සහිතව සිටින්නේ.

———

අලුත් ලිපි ගැන ඊමේල් මගින් දැනුවත් වෙන්නට දකුණු පස ඇති කුඩා පෝරමය පුරවා වෙබ් සඟරාවේ සාමාජිකත්වය අරගන්න (ඉල්ලුම් කල පසු ඔබට ඊමේල් පණිවිඩයක් ලැබෙන අතර එය විවෘත කර සාමාජිකත්වය තහවුරු කරන්න) 

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *