සම්පත් දායකත්වය සඳහා කෙරෙන විවෘත ඇරයුමයි …..

Home » සම්පත් දායකත්වය සඳහා කෙරෙන විවෘත ඇරයුමයි …..

විදුලොවින් යනු අප සමාජයේ විද්‍යා හා තාක්‍ෂණික දැනුම ඉහල නැවීමට සහ විද්‍යාව හා තාක්‍ෂණය ප්‍රචලිත කිරීම මුලිකවම අරමුණු කරගත් පර්යේෂණාත්මක ව්‍යාපෘතියකි. එබැවින්, ඔබේ දැනුමින් සමාජය පෝෂණය කරන්නට විදුලොවින් හා සම්බන්ධ වන්නට ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමු. මෙමගින්, විදුලොවින් වටා එකතු වී සිටින දස දහස් ගණනක් වූ විද්‍යාව හා තාක්‍ෂණයට ඇලුම් කරන පාඨක පිරිසකගේ සහ සමස්ත සමාජයේ තාක්‍ෂණික සාක්ෂරතාවය ඔප්නැංවීමේ මහඟු කාර්යයට ඔබට දායක විය හැක.

පහත කරුණු අප ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු….

  1. සෑම ලිපියක් අවසානයේම ඔබගේ නම සටහන් කරන අතර ඔබට අවශ්‍ය නම් ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට යොමුවක් ද මේ සමග පළකිරීමට ඉල්ලුම් කල හැක.
  2. සෑම ලිපියක් ම කලින් කලට විදුලොවින් ෆේස්බුක් පිටුවේ පළකරමින් වැඩි පිරිසකට දැනුම බෙදී යාමට සලස්වනු ලැබේ.
  3. මෙහි පළවන ලිපි ඒවායේ අන්තර්ගතය අනුව කාණ්ඩ වලට වෙන් කර වෙනම මෙනු යටතේ ඉදිරිපත් කර ඇති බැවින් දැනුම සොයන්නන්ට පහසුවෙන් ඔබගේ ලිපි වෙත පිවිසීමට හැකියාව සලසා ඇත.
  4. විදුලොවින් වෙබ් සඟරාව අති විශාල පාඨක පිරිසක් විසින් පරිශීලනය කරන බැවින් වෙළඳ දැන්වීමි ප්‍රචාරණයෙන් සැලකිය යුතු මුදලක් උපයාගැනීමේ අවස්ථාව තිබුනද එකදු වෙළඳ දැන්වීමක් හෝ වෙබ් සඟරාවේ පළකර නැත. එබැවින්, මෙහි කිසිදු මුල්‍යම ප්‍රතිලාභයක් අපහට නැත.
  5. ඔබට අවශ්‍ය නම් ඔබගේ ජීව දත්ත සටහනක් වෙනම වෙබ් පිටුවක් ලෙසින් වෙබ් සඟරාවේ පළකර හැක.
  6. ඔබ විසින් සපයන ලිපි වෙබ් සඟරාවේ පළකිරීමේ හෝ නොකිරීමේ අවසන් තීරණය විදුලොවින් සතුය. අධ්‍යාපනික නොවන ලිපි, වැරදි තොරතුරු ඇතුලත් ලිපි, ප්‍රශස්ත භාෂා ශෛලයක් අනුගමනය නොකර ලියන ලිපි, සහ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීම අරමුණු කරගත් ලිපි වෙබ් සඟරාවේ පළනොකරනු ඇත.

ස්තුතියි

ආචාර්ය මනෝජ් රණවීර (www.manojranaweera.info)
විදුලොවින් නිර්මාතෘ සහ ප්‍රධාන සංස්කාරක
ජේෂ්ඨ කථිකාචාර්ය , මොරටුව විශ්ව විද්‍යාලය 
දු:ක: 011 2650 301 (දිගුව 4011)