Home » විශේෂාංග » The Future Scholar » පාරිසරික තත්ත්ව සහ වායුන් හඳුනා ගන්නා සංවේදකය

පාරිසරික තත්ත්ව සහ වායුන් හඳුනා ගන්නා සංවේදකය

තාක්‍ෂණයේ දියුණුවත් සමග ඉදිරියට යන මිනිසා විවිධ නිර්මාණ බිහි කරයි. ඒ අතර මම නිර්මාණය කල ඉලෙක්ට්‍රොනික උපාංගයක් මෙසේ ඔබට ගෙනහැර දක්වමි.

සංවේදක 5කින්ද, කුඩා LCD තිරයක් සහ බසර් (buzzer)එකකින්ද සමන්විත මෙම උපාංගයෙන් පාරිසරික උෂ්ණත්වය සහ තෙතමනය මෙන්ම අවට පරිසරයේ ඇති කාබන් ඩයොක්සයිඩ්, ප්‍රොපේන්, ඇල්කොහොල්, හයිඩ්‍රජන්, LP වායුව (LPG) සහ මීතේන් යන වායුන් හඳුනා ගන්න පුළුවන්. මෙම සියල්ලේ සමස්ත ප්‍රතිඵලය මෙහි ඇති LCD තිරය මත දිස්වෙනවා. වායුන් වර්ග වල වැඩිවීම බසර් එක ආධාරයෙන් බීප් හඬකින් දැනුම් දෙනවා. මීට අමතරව හදිසි ගිණි ගැනීමක් ඇති වුනොත් එයත් බීප් හඬකින් සහ LCD තිරය මත දිස්වන කෙටි පණිවිඩයකින් පෙන්නුම් කරනවා.

මෙහි ඇති තවත් සන්වේදකයකින් කාබන් මොනොක්සයිඩ් නම් ඉතාම විෂ වායුව අවට පරිසරයේ තිබේද යන්න හඳුනාගෙන තිරයේ පෙන්නුම් කරන අතර බීප් නාද රටාවකින් අනතුරු ඇඟවීමක් ද සිදු කරනවා.

මෙම උපාංගයේ පාලන කටයුතු සහ දත්ත ගබඩා කර ගැනීම Microchip IC එකක් මගින් සිදු කරන අතර අතර මෙම මයික්‍රෝ චිපයට විධාන ලබා දෙන්නේ C පරිගණක භාෂාවෙන් ලියු පරිගණක ක්‍රමලේඛනයකිනි (programme).

Image 1 Image 2

නම :හෙෂන් තරිඳු කළුබෝවිල

පාසල: මහින්ද රාජපක්ෂ විද්‍යාලය හෝමාගම

පන්තිය:13 Etech 1

=========================================

ඔබත් පාසල් සිසුවෙකු හෝ සිසුවියක් නම්, ඔබගේ නව නිර්මාණ /ලිපි  විදුලොවින් වෙබ් අඩවියේ පළ කර ඔබේ දස්කම් සහ හැකියාවන් දස දහස් ගණනක් වූ විදුලොවින් පාඨකයින් අතරට රැගෙන යන්න ඔබටත් අවස්ථාව ඇත.

ලිපිය ගැන ඔබගේ අදහස් හෙෂන්ට දන්වන්න

 

Verification

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *