Graphic Designer

Home » Graphic Designer

ඔබ  ග්‍රැෆික් නිර්මාණකරුවෙක් නම්, විදුලොවින් වෙබ් සඟරාවට ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු ලෙසින් දායක වී දක්ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු ලෙසින් නමක් ගොඩනගා ගැනීමට ඔබට අනගි අවස්ථාවක් උදාවී ඇත. විද්‍යාව හා තාක්‍ෂණය ප්‍රචලිත කිරීමට විදුලොවින් ගන්නා මේ උත්සාහයට දායක වීමෙන් ඔබ ලබන ආත්ම තෘප්තියට අමතරව ඔබට පහත වාසි මේ තුලින් ලබාගත හැක.

  1. ඔබ නිර්මාණය කරන සෑම ග්‍රැෆික් නිර්මාණයකම ඔබේ නම, දුරකථන අංකය, ඊමේල් ලිපිනය, වෙබ් අඩවිය ආදී තොරතුරු ප්‍රදර්ශනය කිරීමට ඉඩක් වෙන් කර ඇත. මෙමගින්, ෆේස්බුක් හරහා ඔබට නමක් ගොඩනගා ගැනීමට අවස්ථාව ඇත.
  2. විදුලොවින් වෙබ් සඟරාවේ ඔබේ නමින් වෙබ් පිටුවක් වෙන් කර දෙනු ලැබේ (උදා www.vidulowin.lk/yourname).  ඔබ විසින් වෙබ් සඟරාවට සහ ෆේස්බුක් පිටුවට නිර්මාණය කල සියලු නිර්මාණ මෙම පිටුවට එකතු කර මෙය ඔබගේ නිර්මාණ එකතුවක් හෙවත් portfolio එකක් ලෙසන් භාවිතා කල හැක. ඔබ රැකියාවකට අයදුම් කරන විට හෝ යම් ව්‍යාපාරයක යෙදෙන විට ඔබගේ  නිර්මාණ හැකියාවන් සඳහා සාක්ෂි පෙන්වීමට මෙය කදිම ක්‍රමයකි.
  3. ඔබ විදුලොවින් සඳහා නිර්මාණ 20 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකල පසු, ඔබගේ වෙනත් නිර්මාණද ඉහත වෙබ් පිටුවට එකතු කිරීමට ඉල්ලුම් කල හැක. මෙමගින් ඔබ මෙතෙක් සිදුකල සියලු නිර්මාණ එකතැන් කල portfolio එකක් ලෙසින් මෙය භාවිතා කල හැක.
  4. ඔබ විදුලොවින් වෙබ් සඟරාවට ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු ලෙසින් දායක වන බව තහවුරු කරන ලිපියක් අවශ්‍ය අවස්ථාවක ඔබට ලබා ගත හැක.

විදුලොවින් වෙබ් සඟරාව කිසිදු මුල්‍යමය ප්‍රතිලාභයක් සහිතව සිදු කරන දෙයක් නොවේ. (මෙහි එකදු වෙළඳ දැන්වීමක් හෝ නොමැත). මෙය හුදෙක් විද්‍යාව හා තාක්‍ෂණය ප්‍රචලිත කිරීම සඳහා සිදුකරගෙන යන ව්‍යාපෘතියකි. එබැවින්, ඔබගේ සේවය සඳහා කිසිදු ගෙවීමක් සිදු කරනු  නොලැබේ.

මේ අවස්ථාව ලබා ගැනීමට ඔබ කැමති නම්, vidulowin.lk@gmail.com ඊමේල් ලිපිනයට ලියන්න එසේ නැතිනම් විදුලොවින් ෆේස්බුක් පිටුවට මෙතැනින් ගොස් message එකක් එවන්න.