Home1

Home » Home1

“විදු ලොවින්” අන්තර්ජාල තක්සලාවට සපැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු.

නොවිධිමත් සමාජයීය අධ්‍යාපනය (non-formal social education) උදෙසා ෆේස්බුක් සමාජ සම්බන්ධතා ජාලය යොදා ගැනීම අත්හදා බැලීමට ආරම්භ කළ විදුලොවින් ෆේස්බුක් පිටුව ඉතා සාර්ථක ලෙස සමාජ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. විදුලොවින් හි දෙවන පියවර වශයෙන් ෆේස්බුක් පිටුවට සමගාමිව මෙම බ්ලොග් අඩවිය අපි ආරම්භ කළෙමු. මෙම බ්ලොග් අඩවිය තුලින් ෆේස්බුක් පිටුවේ පළවන කෙටි ලිපි එක් තැනකට ගොනුකොට තැබීමත් විවිධ විෂය ක්ෂේත්‍රයයන් ඔස්සේ වැඩිදුර විස්තර සහිත අධ්‍යාපනික ලිපි ඉදිරිපත් කිරීමත් සිදු වෙයි.

දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථික රටාවක් වෙත මුළු ලොවම ගමන් ගන්නා යුගයක නව ලොව දැනුම සරළව ලබා දීමට අප ගන්නා මේ උත්සාහය ඔබට සුළු හෝ ප්‍රයෝජනයක් වේවා යන්න අපගේ ඒකායන පැතුමයි.

මෙම වෙබ් අඩවිය සඳහා ඩොමේන් නාමය සහ හොස්ටින්  පහසුකම නොමිලයේම ලබා දුන්  මතුගම  EBO Network ආයතනයටත්,වෙබ් අඩවිය අලංකාර ලෙස නොමිලයේම සකසා දුන් සහ යාවත්කාලින කිරීම සිදු කරන අනුරාධපුර CSS Optimax වෙබ් අඩවි සැකසීමේ ආයතනයටත් අපගේ විශේෂ ස්තුතිය පිරිනමමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *