Home » දැනුමට යමක් » IBM සුපිරි පරිගණකය

IBM සුපිරි පරිගණකය

මේ ඡායාරූපයේ තියෙන්නේ IBM සමාගමේ Blue Gene/P කියන සුපිරි පරිගණකය (supercomputer). මෙම පරිගණයකයට ප්‍රොසෙසර් 250,000ක් තිබෙනවා. අපේ නිවසේ භාවිතා කරන පරිගණකයට තිබෙන්නේ එක්කෝ එක ප්‍රොසෙසරයක් එහෙම නැතිනම් ප්‍රොසෙසර් කිහිපයක් (multi-core). ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් වේවි මෙම පරිගණකයේ වේගය කෙතරම් ද කියල.IBM Super computer

ඇත්තටම මෙවැනි පරිගණක භාවිතා වෙන්නේ මොන වගේ දේවල් වලටද? මේකට පිළිතුර නම් හරිම සරළයි. සාමාන්‍ය පරිගණකයක වේගය ප්‍රමාණවත් නොවන කාර්යයන් සඳහා තමයි මෙවැනි සුපිරි පරිගණක භාවිතා කරන්නේ. කාලගුණ තොරතුරු අධ්‍යයනය සහ අනාවැකි කීම, විශාල ගණිත සමීකරණ විසඳීම, විවිධ විද්‍යාත්මක simulations ආදීය සිදු කිරීමට, විද්‍යාත්මක පර්යේෂණ සඳහා… ආදිය මෙවැනි පරිගණක භාවිතයට ගැනෙන අවස්ථා කිහිපයක් පමණයි.

තනි පරිගණකයකින් සිදු කර ගැනීමට විශාල කාලයක් ගතවන වැඩක් මෙවැනි සුපිරි පරිගණකයකින් ඉතාම කෙටි කාලයකින් සිදු කර ගන්න පුළුවන්. හැබැයි මෙහි මිල ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වෙනවා. වැඩ වගේම මිලත් සුපිරියි.

පරිගණකයේ දත්ත විශ්ලේෂණ වේගය වැඩි කර ගැනීම සඳහා සුපිරි පරිගනකයක් ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට වඩා අඩු වියදමකින්, සාමාන්‍ය පරිගණක ටිකක් එකට ජාලයක් ලෙසින් සකස් කර ගෙන සමාන්තර දත්ත පිරිසැකසුම (parallel processing) හරහා වේගවත්ව අදාළ කාර්යය කිරීමට පුළුවන්. මෙයට කියනවා පරිගණක cluster එකක් කියල. හැබැයි මෙහිදී සුපිරි පරිගනකයක තරම් වේගයක් ලබා ගන්න නම් බැහැ. ඒත්, මෙතරම් විශාල වියදමක් දැරිය නොහැකි අවස්ථාවක එවැනි පරිගණක cluster එකක නිර්මාණය කරගෙන අදාළ කාර්යය සිදු කර ගන්න පුළුවන්. මේ සඳහා විශේෂිත වූ පරිගණක මෘදුකාංග තිබෙනවා. බොහෝ අවස්ථා වල Linux වැනි මෙහෙයුම් පද්ධති මේ සඳහා භාවිතා කරනවා.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *