Home » විශේෂාංග » බලශක්ති » ඇමෙරිකාවේ විවෘත්ත වූ ලොව විශාලතම සුර්ය විදුලි බලාගාරය

ඇමෙරිකාවේ විවෘත්ත වූ ලොව විශාලතම සුර්ය විදුලි බලාගාරය

ලොව විශාලතම සූර්ය විදුලි බලාගාරය පසුගියදා (2015 පෙබරවාරි 9) ඇමෙරිකාවේ කැලිෆෝනියා හිදී විවෘත්ත වුනා. කැලිෆෝනියාවේ Riverside නම් ප්‍රාන්තයේ පිහිටි කාන්තාරයක ගොඩනගා ඇති මෙම සූර්ය විදුලි බලාගාරය මගින් මෙගා වොට් 550ක ධාරිතාවයකින් විදුලිය නිෂ්පාදනය කරනවා. මෙය නිවාස 160,000කට අවශ්‍ය විදුලිය සැපයීම සඳහා ප්‍රමාණවත් බවයි සඳහන් වන්නේ.

Solar Plant Kickoff

විවෘත්ත කිරීමේ දී සිදුකල නිරීක්‍ෂණ චාරිකාවක් (Image Credits: times.com)

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ආධාර මධ්‍යම රජය මගින් කැලිෆෝනියා ප්‍රාන්ත රජය වෙත ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ ලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් හෝ 6ක් පමණ වනු ඇති බවයි ඇස්තමේන්තු කර තිබෙන්නේ. සේවකයින් 440 දෙනෙක් වසර තුනක් පුරා මෙම විදුලිබලාගාරය ගොඩනැගීම සඳහා දායක වී ඇති අතර, දැන් එම බලාගාරය ක්‍රියාත්මක කිරීම සදහා පුර්ණ කාලීන සේවකයින් 15 දෙනෙක් යොදවා තිබෙනවා.

විකල්ප බලශක්ති සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත රජය ඉතා විශාල උනන්දුවක් දක්වනවා පමණක් නොව විශාල වශයෙන් මුදල් ද ආයෝජනය කරනවා. මේ වන විට ලොව වැඩිම හයිඩ්‍රජන් යටිතල පහසුකම් පිහිටා තිබෙන්නෙත් කැලිෆෝනියා ප්‍රාන්තයේ. මේ නිසා හයිඩ්‍රජන් වාහන වෙළඳ පොළට පැමිණි විට කැලිෆෝනියා ප්‍රාන්ත වාසීන්ට එම වාහන භාවිතා කිරීමත් පහසු වෙනවා.

මෙසේ ඉතාම සීග්‍රයෙන් සහ සාර්ථකව විකල්ප බලශක්ති වෙත යොමුවීමට ප්‍රාන්ත රජයේ ප්‍රතිපත්ති බොහෝ සෙයින් බලපා තිබෙනවා. වසර 2020 වන විට ප්‍රාන්තයේ බලශක්ති අවශ්‍යතා වලින් 33%ක්ම පුනර්ජනනීය ප්‍රභව වලින් ලබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇති අතර වසර 2030 වන විට මෙම ප්‍රමාණය 50% මට්ටම දක්වා ඉහල නැංවීමටත් ඔවුන් අපේක්ෂා කරනවා.

මෙයට අදාළ අපගේ වෙනත් ලිපි:
පුනර්ජනනීය බලශක්ති හැඳින්වීම
ළඟදීම පාරට එන හයිඩ්‍රජන් වාහන 
හයිඩ්‍රජන් වාහන තාක්‍ෂණය

මෙම ලිපි අපගේ අවසරයකින් තොරව වෙනත් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය වල පළකිරීම සපුරා තහනම් ය.
(වෙබ් link එක පළකිරීමට කිසිදු බාධාවක් නැත)

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *