Home » Research that Matters » හරියට බොරුවක් කියන විද්‍යාත්මක ක්‍රමය

හරියට බොරුවක් කියන විද්‍යාත්මක ක්‍රමය

බොරු කීම සහ මුත්‍රාශය පිරී තිබීම අතර අපූරු සබඳතාවයක් සොයා ගැනීමට කැලිෆෝනියා ජාතික විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිලිබඳ මහාචාර්ය, ආචාර්ය අයිරිස් බ්ලැන්ඩන් මහත්මිය ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක්  සමත් වී තිබෙනවා. මැයගේ පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ යමෙකුගේ මුත්‍රාශය හොඳින් පිරී ඇති නම් ඔහුට හෝ ඇයට මුත්‍රාශය පිරී නැති විටදී ට වඩා සාර්ථකව බොරු ප්‍රකාශ කළ හැකි බවයි. මෙම පර්යේෂණ ප්‍රතිඵල Consciousness and Cognition නම් පර්යේෂණ සඟරාවේ දෙසැම්බර් කලාපය සඳහා තෝරාගෙන තිබෙනවා. මේ නිසා මෙම පර්යේෂණයේ ක්‍රමවේදය සහ ප්‍රථිපල පිළිබඳව අපට සැක සංකා ඇතිකර ගැනීමට දෙයක් නැහැ.

මෙම අධ්‍යයනයේදී කණ්ඩායම් දෙකක් ගෙන ඉන් එක් කණ්ඩායමකට වතුර විදුරු 5ක් පානය කරන්නද අනෙක් කණ්ඩායමට වතුර උගුරු 5ක් පානය කරන්න ද දී කණ්ඩායම් දෙකම මිනිත්තු 45ක් තබා තිබෙනවා වතුර මුත්‍රාශයට පෙරෙන තුරු. ඉන් පසුව මේ කණ්ඩායම් දෙකේම පිරිසට ලබා දී ඇත්තේ එකම කාර්යයක්. ඒ තමයි, කිසියම් වූ සමාජ ගැටලුවක් සම්බන්ධව තමන් පුද්ගලිකව දැඩි ලෙස දරණ මතයකට විරුද්ධ වූ මතයක් තමන්ගේ සැබෑ මතය මෙන් නිරීක්ෂකයෙකු ඉදිරියේ ප්‍රකාශ කිරීම. මෙහිදී නිරීක්ෂකයාට අමතරව එම අවස්ථාව සම්පුර්ණයෙන්ම රූපගත කර තිබෙනවා.pinocchio

රූපගත කර ගත් දර්ශන ඉන්පසු කණ්ඩායම් දෙකක් මගින් දැඩි ලෙස විමර්ශනය කර තිබෙනවා. මින් එක කණ්ඩායමක් බොරුව කියන පුද්ගලයාගේ අංග චලන (body language) නිරීක්ෂණය කරමින් එම පුද්ගලයා කෙතරම් විශ්වාසනියව කතා කරනවද යන්න විමර්ශනය කර ඇති අතර අනෙක් කණ්ඩායම ඔවුන් පැවසු දේවල් වලින් සත්‍ය සහ අසත්‍ය ප්‍රකාශ වෙන් කර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

සමීක්ෂණයේ ප්‍රතිඵල අධ්‍යයනයේදී මුත්‍රාශය හොඳින් පිරී තිබුණ කණ්ඩායම ඉතා සංකීර්ණ බොරුවක් වුනත් ඉතා පහසුවෙන් සහ සත්‍ය යයි ඒත්තු යන ලෙසින් ප්‍රකාශ කර ඇති බව සොයා ගැනීමට හැකිවී තිබෙනවා. මොවුන් සිදුකල බොරු ප්‍රකාශ වලින් 30%ක් පමණයි නිරික්ෂකයින්ට සාර්ථකව සොයා ගැනීමට හැකිවී තිබෙන්නේ. මුත්‍රාශය පිරී නොතිබුණු කණ්ඩායමේ පිරිසි සිදුකල බොරු ප්‍රකාශ වලින් 70%ක්ම නිරීක්ෂකයින්ට නිවැරදිව වෙන්කර ගැනීමට හැකිවී තිබෙනවා.

බොරුවක් ප්‍රකාශ කිරීම සත්‍යය ප්‍රකාශ කිරීමට වඩා අසීරු දෙයක්. අපේ මුවින් බොරුවක් කියන විට මොළය මගින් සත්‍යය ප්‍රකාශ කරන එක වැලැක්වීම සිදු කරනවා. මොළය මගින් එක දෙයක් වළක්වාලන විට මොළයට තවත් දෙයක් වඩා සාර්ථකව වළක්වාලන්න හැකි බවයි බවයි අයිරිස් මහත්මිය පවසන්නේ. මෙය inhibitory spillover effect ලෙසින් හඳුන්වනවා. මුත්‍රාශය පිරී ඇති අයගේ මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය මොලය මගින් මර්ධනය කරන නිසා ඇත්ත පැවසීම මර්ධනය කිරීමත් මොළය මගින් වඩා සාර්ථකව සිදුකරන්න හැකිවී තිබෙනවා. මේ නිසා තමයි මුත්‍රාශය පිරි ඇති පිරිසට සාර්ථකව බොරු කීමට හැකිවී තිබෙන්නේ.

මෙවැනි පර්යේෂණ ඉතාම වැදගත් වෙනවා අපරාධ මැඩලීම සහ යුක්තිය පසඳලීමේ කටයුතු වලදී. මානව හිමිකම් ඉහල මට්ටමින් පවත්වාගෙන යන රටවල යම් වරදකට අල්ලාගත් සැකකරුවෙකු  එම වරද පිළිගන්නා තුරු වදහිංසා පැමිණවීම සිදුවන්නේ නැහැ. එසේ කරන්නත් බැහැ. එවන් අවස්ථා වල මෙවැනි ක්‍රමවේද ඉතාම වැදගත් වෙනවා සැකකරු ගේ ප්‍රකාශ වල සත්‍ය අසත්‍යතාවය මැනගැනීම සඳහා.

(නවතම ලිපි ගැන ඔබට ඊමේල් මගින් දැනගැනීම සඳහා දකුණුපස තීරුවේ ඇති පෝරමය පුරවා විදුලොවින් සාමාජිකත්වය ගන්න.)

පර්යේෂණ ලිපිය:
Fenn, E., Blandon-Gitlin, I., Coons, J., Pineda, C., and Echon, R., The inhibitory spillover effect: Controlling the bladder makes better liars, Consciousness and Cognition, 2015, vol.37, pp.112-122

Abstract:
The Inhibitory-Spillover-Effect (ISE) on a deception task was investigated. The ISE occurs when performance in one self-control task facilitates performance in another (simultaneously conducted) self-control task. Deceiving requires increased access to inhibitory control. We hypothesized that inducing liars to control urination urgency (physical inhibition) would facilitate control during deceptive interviews (cognitive inhibition). Participants drank small (low-control) or large (high-control) amounts of water. Next, they lied or told the truth to an interviewer. Third-party observers assessed the presence of behavioral cues and made true/lie judgments. In the high-control, but not the low-control condition, liars displayed significantly fewer behavioral cues to deception, more behavioral cues signaling truth, and provided longer and more complex accounts than truth-tellers. Accuracy detecting liars in the high-control condition was significantly impaired; observers revealed bias toward perceiving liars as truth-tellers. The ISE can operate in complex behaviors. Acts of deception can be facilitated by covert manipulations of self-control.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *