Home » විශේෂාංග » The Future Scholar » නැනෝ තාක්ෂණය: ලිපි අංක 1

නැනෝ තාක්ෂණය: ලිපි අංක 1

නැනෝ තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, ප‍රීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන ප‍රීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්ද‍ර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හ‍රහා සිදු වීමට යන දියුණුව.

නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.

කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්‍ෂණය ලොව පුරා ජනප‍්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි.

අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය.
ප‍්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්‍ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ කි‍්‍රයාශීලිභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ‍්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කාර්යක්ෂම බව නැණෝ තාක්‍ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.

වර්ෂ 2015 දී සපුරා ගත යුතු ඉලක්ක කේන්ද්‍රකොට ගනිමින් වර්ෂ 2010 දී ජර්මනිය දියත් කළ පස් අවුරුදු නැණෝ තාක්‍ෂණ අභිවෘද්ධි කි‍්‍රයාන්විතය සඳහා වෙන් කරන ලද මුදල යුරෝ මිලියන 400 කි. මෙම මුදල නැණෝ තාක්‍ෂණය වැඩි දියුණු කිරීම උදෙසා බටහිර යුරෝපීය රටක් වෙන්කළ විශාලම මුදල සේ සැලකේ.

බලශක්තිය, දේශගුණය, සෞඛ්‍යය සහ ආහාර, ආරක්‍ෂාව සහ සංචලනය (mobility) යන ක්‍ෂ්ත‍්‍රයන්හි සංවර්ධනය සහ අධි තාක්‍ෂණික උපාය මාර්ග වැඩි දියුණු කිරීම, නැණෝ තාක්‍ෂණික ක‍්‍රමවේදයන් තුළින් තම දේශය වෙත දිනා ගැනීම එහි අපේක්‍ෂාව යි.

ජර්මනිය හැරුණ විට නැණෝ තාක්‍ෂණය උදෙසා විශාල මුදලක් වාර්ෂිකව වෙන් කරනු ලබන අනෙක් රට වන්නේ චීනයයි. එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. රුසියාව වාර්ෂිකව ඩොලර් මිලියන 25 ක් ද, අපේ අසල්වැසි ඉන්දියාව වසරකට ඩොලර් මිලියන 23 ක්ද, නැණෝ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැය කරයි.

මීළඟ ලිපියෙන් නැනෝ තාක්‍ෂණයේ භාවිතාවන් ගැන කතා කරමු.

ලිපි සම්පාදනය: සංජුල රවිඳු ඉලංගසිංහ
පාසැල: අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය

ඔබත් පාසල් සිසුවෙකු හෝ සිසුවියක් නම්, ඔබගේ නව නිර්මාණ /ලිපි  විදුලොවින් වෙබ් අඩවියේ පළ කර ඔබේ දස්කම් සහ හැකියාවන් දස දහස් ගණනක් වූ විදුලොවින් පාඨකයින් අතරට රැගෙන යන්න ඔබටත් අවස්ථාව ඇත.

 

ලිපිය ගැන ඔබගේ අදහස් සංජුලට දන්වන්න

 

Verification

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *