Home » විශේෂාංග » ඉංජිනේරු තාක්‍ෂණය » මොනවද මේ ගැප් වෙල්ඩින්?

මොනවද මේ ගැප් වෙල්ඩින්?

මේ ලිපියෙන් අපි කතා කරන්නට යන්නේ නිතර දකින්නට නොලැබෙන ආකාරයේ වෙල්ඩින් ක්‍රියාවලියක් ගැන. මෙය හඳුන්වන්නේ parallel gap welding ලෙසින් (පැරලල් ගැප් වෙල්ඩින්). පහසුව තකා මෙය ගැප් වෙල්ඩින් ලෙසින් පමණක් මෙම ලිපියේ යොදාගෙන ඇත.

මෙය අයත් වන්නේ resistance (රෙසිස්ටන්ස්) වෙල්ඩින් කාණ්ඩයට. එනම්, මෙහිදී පෑස්සුම සඳහා අවශ්‍ය තාප ශක්තිය ලබා ගන්නේ පෑස්සුම් වස්තුවේ ඇති ප්‍රතිරෝධය හරහා ධාරාවක් යැවීමෙන් ඇතිවෙන තාප ශක්තිය මගින්. මෙම කාණ්ඩයේ ඉතා ජනප්‍රිය පෑසුම් ක්‍රියාවලියක් තමයි ස්පොට් වෙල්ඩින් (spot welding). ඒ ගැන ලිපියක් මීට පෙර ඉදිරිපත් කර තිබෙනවා. (මෙතනින් ගොස් කියවන්න). ස්පොට් වෙල්ඩින් සහ ගැප් වෙල්ඩින් අතර ඇති ප්‍රධානම වෙනසක් වන්නේ වෙල්ඩින් ඉලෙක්ට්‍රොඩ වල පිහිටීමයි. ගැප් වෙල්ඩිමකදී රූපසටහන් අංක 1 හි පෙන්වා ඇති පරිදි ඉලෙක්ට්‍රොඩ දෙක වෙල්ඩිමේ එකම පැත්තේ පිහිටන අතර ස්පොට් වෙල්ඩින් ක්‍රියාවලියකදී රුපසටහන් අංක 2 හි දක්වා ඇති පරිදි වෙල්ඩින් ඉලෙක්ට්‍රොඩ දෙක පෑස්සුම දෙපස පිහිටයි.  මේ අනුව ඉඩකඩ ඉතා සිමා සහිත වූ ස්ථානයක වුවද මෙම ගැප් වෙල්ඩිම සිදුකර ගත හැකියි. රූප සටහන් අංක 3 හි ඇත්තේ SMAPRO100 නම් ගැප් වෙල්ඩින් යන්ත්‍රයයි.

images

gap welder image

ගැප් වෙල්ඩිමකදී සෑදෙන පෑස්සුමේ ස්වභාවය භාවිතා කරන ද්‍රව්‍යයේ ස්වභාවය, පෑස්සුමේ සඳහා ගන්නා කාලය, ඒ සඳහා යොදන බලය, යොදන ශක්ති ප්‍රමාණය ආදී කරුණු මත රඳාපවතින අතර ප්‍රධාන වශයෙන් fusion, difusion, solid-state හෝ reflow solder/ braze ආකාරයේ පෑස්සුමක් (bond) මෙම ගැප් වෙල්ඩින් මගින් ලබා ගත හැකියි. (මෙම bond වර්ග ගැන වෙනම ලිපියක් අවශ්‍ය නම් දැනුම් දෙන්න)

 භාවිතාවන්:

ගැප් වෙල්ඩින් විවිධ කටයුතු සඳහා භාවිතා කළ හැකි අතර පහත ඇත්තේ මෙය බහුල වශයෙන් භාවිතයට ගන්නා අවස්ථාවන් කිහිපයකි.

1 බැටරි ඇසුරුම් (battery packs)
විශාල බැටරි පැක් එකක සෙල් විශාල ප්‍රමාණයක් ඇති අතර මෙම සෙල් එකිනෙක සමග ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව සම්බන්ධ කර ඇත. මෙලෙස බැටරියේ ඇති එක් එක් සෙල් එකිනක හා සම්බන්ධ කිරීමේදී ගැප් වෙල්ඩින් තාක්‍ෂණය බොහෝ විට භාවිතා කරයි. රූප සටහන් අංක 4 න් පෙන්නුම් කරන්නේ එවන් අවස්ථාවකි.

image 4

2 සෙන්සර් PCB වලට සවි කිරීමේදී
මෝටර් රථ සහ වෛද්‍ය උපාංග නිෂ්පාදනයේදී භාවිතා වන සෙන්සර් වර්ග PCB (printed circuit board) මතට සම්බන්ධ කිරීම ගැප් වෙල්ඩින් තාක්‍ෂණයේ තවත් එක භාවිතාවකි. මෙහිදී සෙන්සරයේ එන වයර් PCB එකේ ඇති connection pads මතට සම්බන්ධ කිරීමට මෙම ක්‍රමය භාවිතා කරයි.

3. සුර්ය කෝෂ
සුර්ය පැනල නිෂ්පාදනයේදී එහි ඇති සුර්ය කෝෂ එකිනෙක හා සම්බන්ධ කිරීමට මෙම තාක්‍ෂණය භාවිතා කරයි.

සාර්ථක ගැප් වෙල්ඩිමක් සඳහා

සාර්ථක ලෙසින් ගැප් වෙල්ඩිමක් සිදුකර ගැනීම බොහෝ දුරට වෙල්ඩිම සිදුකරන කොටස තනා ඇති ද්‍රව්‍යයේ ස්වභාවය මත මෙන්ම අදාල කොටසේ හැඩය මත ද තීරණය වේ. නිකල් සහ වානේ වර්ග එම වර්ගයේම කොටසකට වෙල්ඩ් කර ගැනීම පහසුවෙන් සිදු කර ගත හැකි අතර මේ සඳහා පාස්සන කොටස් දෙකෙන් ඉලෙක්ට්‍රොඩ අසල ඇති කොටසේ (ඉහල කොටස ලෙසින් හදුන්වමු) ගණකම මිලිමීටර් 0.2 පමණ හෝ ඊට වඩා කුඩා වීම වඩාත් යෝග්‍ය ය. ඉහළ කොටසේ ගණකම වැඩි වන්නට වැඩි වන්නට ගලා යන ධාවෙන් වැඩි කොටසක් ඉහල කොටස හරහා ගලා යන බැවින් පහළ කොටස නිසි පරිදි රත්වීමකට භාජනය නොවේ. මේ නිසා පෑස්සුමේ ශක්තිය අඩුවීමේ අවධානමක් ඇත. සාමාන්‍යයෙන් පහළ කොටසේ ගණකම ඉහල කොටසේ ගණකමෙන් 50% කට වඩා නොඅඩු විය යුතු අතර ඉතා හොඳින් විදුලිය සන්නයනය කරන ද්‍රවය සඳහා මෙම සිමාව 75%ක් තරම් ඉහල අගයක් වේ. (මෙම අගයයන් ඉතා දැඩි සිමාවන් නොවන අතර භාවිතා කරන ලෝහ මත මෙම අගයයන් වෙනස් වේ)

ඉහළ කොටස පහළ කොටසට වඩා සැලකිය යුතු ලෙසින් ගණකම් නම්, එවන් අවස්ථාවක ඉළහ කොටසේ කුඩා තව්වක් (slot) කැපීම මගින් ඉහල කොටස හරා සිදුවන විදුලි සන්නයනයට බාධාවක් එල්ල කිරීම මගින් පහළ කොටස වෙත ධාරාව තල්ලු කර හැරිය හැකියි.මෙමගින් කොටස් දෙකම නිසි පරිදි රත්විමකට භාජනය කළ හැකියි.  රූප සටහන් අංක 5 න් පෙනුම් කරන්නේ එවන් අවස්ථාවකි.


image 5

මේ ලිපියෙන්  parallel gap welding තාක්‍ෂණය ගැන මුලික කරුණු කිහිපයක ඔබ වෙත ඉදිරිපත් කළෙමු. මේ ලිපිය ඔබේ ෆේස්බුක් පිටුවේ share කරන්න අමතක කරන්න එපා.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *