Home » දැනුමට යමක් » පිළිකාව සාර්ථකව මැඩලන ප්‍රෝටෝන චිකිත්සාව

පිළිකාව සාර්ථකව මැඩලන ප්‍රෝටෝන චිකිත්සාව

ප්‍රෝටෝන චිකිත්සාව (proton therapy) යනු පිළිකා සඳහා සිදුකරන නව ප්‍රතිකාර ක්‍රමයකි. සාමාන්‍ය විකිරණ චිකිත්සාවකට වඩා මෙහි ඇති ප්‍රධානතම  වාසියක වන්නේ වඩාත් නිවැරදිව විකිරණ මාත්‍රාව (radiation dose) නිර්ණය කිරීමේ හැකියාවයි. මෙමගින් රෝගියෙකුට සිදුවන අමතර හානිය සාමාන්‍ය විකිරණ චිකිත්සාවකදී සිදුවන හානියට වඩා අඩු මට්ටමක පවත්වා ගත හැකිය.

මෙය ඉතාම මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වුවත්, මේ වනවිට එහි මිල මෙම තාක්‍ෂණය මුලින්ම භාවිතයට පැමිණි මිලෙන් හතරෙන් පංගුවක් තරම් මට්ටමකට අඩුවී ඇති බව කියවේ.

සම්ප්‍රදායික විකිරProtonණ  චිකිත්සාවකදී භාවිතා වන්නේ අධි ශක්ති X කිරණ වුවත් මෙම ප්‍රෝටෝන චිකිත්සාවේදී භාවිතා වන්නේ ප්‍රෝටෝන කදම්බයකි.

මෙම ප්‍රෝටෝන කදම්බය X කිරණ කදම්බයකට වඩා වැඩි නිවැරදි ඉලක්කයකින් පිළිකාව වෙත යොමු කළ හැක. තවද, මෙම කිරණ කදම්බය පිළිකාව පසුකර ශරීරයේ අනෙකුත් කොටස් වෙත ගමන් නොකර පිළිකාවෙන් නවතී. විශේෂඥයින් පවසන්නේ මෙමගින් ශරීරයේ වෙනත් කොටස් වලට වන හානිය වලක්වා ගත හැකි වීම මගින් අතුරු අබාධ අවම කර ගත හැකි බවයි.

ලන්ඩන් නුවර සාන්ත ජෝර්ජ් වෛද්‍ය මධ්‍යස්ථානයේ ස්නායු රෝග විශේෂඥයෙකු වන මැතිව් කෘකර් මහතා පවසන පරිදි: සාමාන්‍ය විකිරණ චිකිත්සාවකදී එම චිකිත්සාව සඳහා යොදා ගන්නා X කිරණ කදම්බයේ ශක්තිය ශරීරයේ අනෙකුත් කොටස් වලට විවිධ ආකාරයේ අතුරු ආබාධ ගෙන දුන්නද මෙම ප්‍රෝටෝන චිකිත්සාවේදී එවැනි අතුරු ආබාධ අවම මට්ටමක පවතී.

මෙම ප්‍රෝටෝන චිකිත්සාව මගින් මධ්‍ය ස්නායු පද්ධතියේ, මොළයේ මෙන්ම කොඳු නාරටියේ වැනි ස්ථාන වල ඇති වන පිළිකා සඳහා සාර්ථකව ප්‍රතිකාර කිරීමේ හැකියාවක් ඇත . විශේෂයෙන්ම, කුඩා දරුවන්ට ඇතිවන සංකීර්ණ පිළිකා සඳහා මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය බව සඳහන් වේ.

එංගලන්තයේ ද දැනට මෙම චිකිතසාව සිදු කරනුයේ එක් රෝහලක පමණක් වන අතර එම ප්‍රතිකාරයද සිදු කරන්නේ ඇස ආශ්‍රිතව ඇති වන පිළිකා තත්වයනට ප්‍රතිකාර කිරීමට පමණි.

ඕනෑම තාක්‍ෂණයක මුල් අවධියේදී එය ඉතාම මිල අධික වුවත්, නිරන්තරයෙන් සිදුවන පර්යේෂණ සහ වැඩි දියුණු කිරීම මගින් එම තාක්‍ෂණය සඳහා යන මිල අඩු කිරීම සිදු වෙයි. ඒ තුලින්, අනාගතයේදී  මෙම ප්‍රෝටෝන චිකිත්සාවේ ප්‍රතිඵල අත්විඳීමට, පිළිකාවෙන් පිඩා විඳින බොහෝ දෙනෙකුට හැකි වේවි.

ප්‍රෝටෝන චිකිත්සාව සහ එහි පසුබිම පිළිබඳව විස්තර කෙරෙන කෙටි වීඩියෝවක්

සැඳහුම්:

[1] http://en.wikipedia.org/wiki/Proton_therapy (Accessed : 2nd September 2014)

[2] http://www.bbc.co.uk/news/uk-29002221(Accessed : 2nd September 2014)

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *