Home » Research that Matters » වැල්ලේ යන රොබෝ නාගයා

වැල්ලේ යන රොබෝ නාගයා

වැලි සහිත පොළවක ඇවිදගෙන යාම හෝ රථයක් පදාවාගෙන යාම මිනිසුන් වූ අපටත් තරමක අසීරු කටයුත්තක්. මේ නිසා පාද සහිත හෝ රෝද සහිත රෝබෝවකට වැලි සහිත පොළවක ගමන් කිරීමේදී බරපතල අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා කියන දේ තේරුම් ගැනීම අසීරු දෙයක් නෙමෙයි. බොහෝ අවස්ථා වල රෝද සහිත හෝ පාද සහිත රොබෝවන් වැලි සහිත පොලවේ ගමන් කිරීමට අසමත් වෙනවා. හැබැයි උරගයින්ට නම් වැල්ලේ ගමන් කිරීම අපට වඩා බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. සොබා දහමේ මේ සාධකය පදනම් කර ගෙන වැල්ලේ සාර්ථකව ගමන් කල හැකි රොබෝ නයෙක් නිර්මාණය කරන්නට ඇමෙරිකාවේ සරසවි කිහිපයක සිටින පර්යේෂකයින් පිරිසක් එක්ව සාදා ගත් පර්යේෂණ කණ්ඩායමකට හැකි වී තියෙනවා. Science පර්යේෂණ සඟරාවට ලිපියක් යොමු කරමින් මේ බව ඔවුන් ලොවට හෙළි කර තිබෙනවා.snake

නාගයින් වැනි පාද රහිත සත්වයනට හැම පොළවකම වගේ සාර්ථකව ගමන් කරන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාර ආශ්‍රිතව ජිවත් වන උරග වර්ග වලට ඉතාම සාර්ථකව වැලි කඳු තරණය කිරීමේ හැකියාව තියෙනවා. මොවුන්ගේ ගමන් රටාව අනෙක් උරගයින්ගේ ගමන් රටාවට වඩා වෙනස්. මොවුන් ගමන් කරන්නේ පැත්තෙන් පැත්තට. ඒ වගේම තමයි ඔවුන් තරණය කරන වැලි කන්දේ ආනතිය වැඩි වන්න වැඩි වන්න තමාගේ ශරීරයේ පොලව හා තිරස්ව (ගමන් ගන්නා දිශාවට ලම්භක දිශාව) ස්පර්ශ වන කොටසේ දිග මොවුන් වැඩි කර ගන්නවා. සාර්ථකව වැලි කඳු නැගීමේ රහස තියෙන්නේ මෙතැනයි. මෙමගින් කන්දෙන් පහලට ලෙස්සා යාම අවම කර ගන්න මේ සතුන්ට හැකියාව ලැබෙනවා. මෙන්න මේ සොබා දහමේ රහස අනුකරණය කරමින් තමයි මේ පර්යේෂණ කණ්ඩායම මෙම වැලි කඳු නගින රොබෝව නිර්මාණය කර තියෙන්නේ.

Reference:

Marvi, H., Gong, C., et al. 2014, “Sidewinding with minimal slip: Snake and robot ascent of sandy slopes”, Science, vol. 346, pp224-229

Robot Snake

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *