Home » ලොව වටා තොරතුරු » රොකට් බයිසිකලය

රොකට් බයිසිකලය

බයිසිකලයක වේගයෙන් යන්න නම් සෑහෙන මහන්සියෙන් බයිසිකලය පදින්න වෙනවා. හැබැයි අධි වේගයෙන් යන්න නම් ඕනේ කරන්නේ මහත් නිර්භිතකමක් සහ හොඳ පුහුණුවක් තමයි. ප්‍රංශ ජාතිකයෙක් වන Francois Gissy පසුගියදා පැයට සැතපුම් 207ක වේගයෙන් බයිසිකලයක් පැද ඒ බව ලෝකයටම ඔප්පු කර පෙන්වූවා.

පැයට සැතපුම් 207ක වේගයකින් (දළ වශයෙන් පැයට කිලෝමීටර් 333ක් පමණ) පැදපු මේ බයිසිකලය නම් සාමාන්‍ය එකක් නොවන බව ඔබට අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ නෑ. මෙහි තියෙන ඡායාරූපයේ පෙනෙන පරිදි මේ බයිසිකලයේ පිටුපස රොකට්ටුවක් සවි කර තියෙනවා. මේ නිසා මෙය පාදයෙන් පදින්න ඕනේ නැහැ. ස්විට්සර්ලන්තයේ Exotic Thermal Engineering කියන සමාගම විසින් තමයි මේ රොකට්ටුව නිෂ්පාදනය කර තියෙන්නේ.Rocket Bike

මේ බයිසිකලයට එහි උපරිම වේගය වූ පැයට සැතපුම් 207ක වේගය ලබා ගැනීමට හැකිවී තියෙන්නේ තත්පර 4.8ක කාලයකදී. මෙය ලෝ සුපතල ඉතාම මිල අධික ෆෙරාරි (Ferrari) කාරයේ ක්‍රියාකාරිත්වය අභිභවා යාමක්. ඇත්තටම මෙම බයිසිකලය මෙම පරික්ෂණාත්මක ධාවයනය යෙදුනේ ෆෙරාරි කාරයක් ද සමගින්. එහිදී මෙය ෆෙරාරි කාරය පැරදවීමට සමත් වුනා.

මොවුන්ගේ මීළඟ ඉලක්කය වන්නේ තත්පර 2කදී පැයට කිලෝමීටර් 400ක වේගය කරා එළඹිය හැකි බයිසිකලයක් නිර්මාණය කිරීම. මේ වෙනුවෙන් මුල්‍ය දායකත්වය ලබා දිය හැකි කවුරුන් හෝ සිටි නම් මේ අභියෝගය ජය ගැනීමට හැකි බව තමයි ඔවුන් පවසන්නේ. ඔවුන් සැලසුම් කර තිබෙන්නේ මෙම අලුත් බයිසිකලයට “Spine Crusher” කියන නම තියන්න. හැබැයි ඉතින් නම Spine Crusher වුනාට මේ බයිසිකලය අනතුරකට ලක් වුනොත් නම් කොඳු ඇට පෙළ කුඩුවී විතරක් නම් නවතින්නේ නැහැ.

 

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *