Home » හෙට ලොව තාක්‍ෂණය » සූර්ය ශක්තියෙන් ධාවනය වන කාරය

සූර්ය ශක්තියෙන් ධාවනය වන කාරය

මේ පින්තුරේ තියෙන්නේ මොකක් කියලද හිතෙන්නේ? solar car
වාහනයක් බව බව නම් පැහැදිළියි. හැබැයි මේක බොහොම වෙනස් වාහනයක්. මේක තමයි ලොව ප්‍රථම සූර්ය බලයෙන් ධාවනය වන family-car එක ලෙස සැලකෙන්නේ. මෙයාගේ නම තමයි Stella. මෙය නිපදවා තියෙන්නේ නෙදර්ලන්තයේ Eindhoven University of Technology මගින්.

මේ කාර් එකේ වහල සම්පුර්ණයෙන්ම වැසී තියෙන්නේ සූර්ය පැනල වලින්. මෙහි බැටරිය සම්පුර්ණයෙන්ම ආරෝපණය වූ විට මේ කාරයට කිලෝමීටර් 800ක් පමණ දුරක් ධාවනය කරන්න පුළුවන්. එපමණක් නෙවෙයි, හොඳින් සූර්යාලෝකය ඇති දිනකදී නම් පැයට කිලෝමීටර් 130ක පමණ උපරිම වේගයකින් ධාවනය කරන්නත් පුළුවන්.

පසුගිය සැප්තැම්බර් 22 වෙනිදා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් සිට සැන්ෆ්‍රැන්සිස්කෝ දක්කවා පරික්ෂණ චාරිකාවක් සාර්ථවක නිම කරන්න මේ කාර් එකට හැකි වුනා. මේ ගමනේදී වාහනයේ කිසිම කරදරයක්, දෝෂයක් මතු නොවුනත් වටේ සිටි මිනිසුන්ගෙන් නම් ටිකක් විතර කරදර සිදු වෙලා තියෙනවා. ඒ ඉතින් වෙන දෙයක් නිසා නෙමෙයි, මේ කාර් එකේ ඡායාරූපයක් ගැනීමේ ඇති දැඩි උනන්දුව නිසා.

තව වසර පහකින් දහයකින් පමණ මෙම කාරය වෙළඳපොල මට්ටමට දියුණු කිරීමට හැකි වෙයි කියල තමයි මෙහි නිෂ්පාදකයින් කියන්නේ. හැබැයි ඉතින් මේකේ විශාලත්වය ගැන හිතනකොට නම් මාර්ග තදබදය එහෙම කොහොම වෙයිද දන්නේ නෑ. කොහොම වුනත් පර්යේෂණ කියන්නේ එක රැයකින් නිමි භාණ්ඩයක් වෙළඳපොලට නිකුත් කරන ක්‍රියාදාමයක් නෙමෙයි. ඒ නිසා එවැනි ගැටළු වලටත් සාර්ථකව ඉදිරියේදී පිළියම් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වේවි.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *