Tech Quiz 2

Tech Quiz

මෙම ගැටළුවට ලබා දුන් පිළිතුරු අතරින් තෝරා ගත් කිහිපයක් පහත ඇත.

ජයනන්ද පුෂ්පකුමාර රණසිංහ
මයික්‍රෝ මීටරය ඉතා නිවැරදිව මිනුම් ලබාගැනීමට භාවිතා කරයි 0.001mm දක්වා මිනුම් ලබාගත හැක, මෙම පොස්ටුවේ ඇත්තේ මිලි මීටර් 25 දක්වා මිනුම් ලබාගත හැකි එකකි,ඊට වඩා වැඩි මිනුම් ගැනීමට මිලි මීටර් 25 සිට 50දක්වා මෙන් විවිද පරාසයන්ගෙන් ඇත., තවද ඇතුලත මිනුම් ලබාගැනීමට වෙනම මයික්‍රෝ මීටර් වර්ගයක් ඇත,ඒවාගේ ලබාගත හැකි කුඩාම මිනුම 5mm ය අනෙක් මිනුම් පිටත ඒවගේ මෙන්මය, 3.මැනීමට ප්‍රථම මයික්‍රෝ මීටරයේ නිවැරදිතාවය තහවුරූ කරගත යුතුය නිවැරදි නැත්නම් calibrate කරගතයුතුය . වැඩ කොටස සහ මයික්‍රෝ මීටරයේ මැනුම් පෘෂ්ට ඉතාම පිරිසිදුව තිබිය යුතුය, මන්ද ඉතා කුඩා අපද්‍රවය කොටසක් උවද එය මිනුමේ නිවරදිබවට බලපාන බැවිනි,, මැනීමේදී උපකරණය මගින් කුඩා පීඩනයක් යෙදෙන බැවින් එයට ඔරොත්තු දෙන දේවල් පමණක් නිවැරදිව මැනිය හැක. වැඩ කොටස පරිසර උෂ්ණත්වයේ තිබිය යුතුය දිගුවේලාවක් අතේ රැදී තිබෙන විට අපගේ දේහ උෂ්ණත්වය මගින් වැඩකොටස රත්වී ප්‍රසාරණය වීමෙන් ලැබෙන මිනුම් නිවැරදි නැත…. මැනීමේදී අනවශ්‍ය පීඩනයක් නොදිය යුතුය කෙලවරේ ඇති rachet එක උපයෝගී කරගෙන යොදන පීඩනය පාලනය කරගත හැක.

(දිගු වෙලාවක් වැඩ කොටස අතේ තබාගැනීමෙන් අතේ රස්නය නිසා සමහර material ප්‍රසාරණය වෙනවා මම වැඩ කරේ 0.003mm +,- tolerance තියන drawing එක්ක .අත්දැකීමෙන් දන්නවා , එහෙම උනාම සිතල වතුරෙන් වැඩ කොටස පරිසර උෂ්ණත්වයට ගෙනත් මනින්න ඕන)

මනෝජ් ප්‍රසන්න
මයික්‍රො මීටර් ඉස්කුරුප්පු ආමානය.කුඩා කම්බියක විෂ්කම්බය මැනීමට බහුලව යොදාගනී.කුඩාබෝල වැනි දෑවල විෂ්කම්බයද මැනිය හැක.පීඩනය හමුවේ හැඩය වෙනස්වන වස්තු සදහා සුදුසු නොවේ.බොහෝවිට 0.001mm දක්වා කුඩා මිනුම් ලබාගත හැක.භාවිතයේදි මැනීමට අවශ්‍ය වස්තුවට පමනට වඩා පීඩනයක් නොදිය යුතුය.ඒ සදහා දිදාල හිස යන කොටස උපකාරී වේ .මිනුම්ගැනීමට පෙර මූලාංක දෝශ ඇත්දැයි පරීක්ශා කල යුතුය..පවතීනම් ඒවා ශෝදනය කල යුතුය.

අසන්ත පිරිස්
මෙය මයික්‍රෝ මීටරය නමින් හදුන්වන අතර නව තාක්ෂණය රැගත් ඩිජිටල් මයික්‍රෝ මීටරය මෙය වේ
ඉතා සියුම් මිනුම් උදා.. සියම් කම්බියක විශ්කම්බයක්,සියුම් පතුරක ඝණකමක් වැන් දෑ නිශ්චිතවම ලබා ගැනීමට බාව්තා කරන මෙහි මිනුම ලබා ගැනීමට ප්ථමව මෙය බින්දුවට සමපාථ ( zeero ) වේදැයි බැලීම අනිවාර්ය අංගයක් වන අතර එය සිදු කරනුයේ මෙහි මිට පැත්තේ ඇති කැරකෙන ලෙස තනා ඇති කොටස කරකවා මෙහි වූචලනය වන කොටස් දෙක ලං කර මෙහි ඇති මනුව ( meter) කියවීම මගිනි.
තවද මෙම මිනුම් උපකරණයේම මැනුවල් එකක්ද ක්ෂේත්‍රය ුල පවතී.මෙයින් ලබා ගත හැකි සියුම්ම මිම්ම මෙහි සදහන් කර ඇති අතර මෙය බාවිතය හා බාවිතයෙන් පසු අසුරනය ඉතා ප්වේශමෙන් හා හික්මීමකින් යුතුව කල යුතු වේ.

තවද ලංකාව තුල එතරම් සැලකීමකට තවමත් බොහෝ දෙනා ලක් නොකලද මෙවැනි මිනුම් ලබා ගන්නා හා පරීක්ෂක මනු ( test meter ) අඩුම තරමින් වසරකට වරක්වත් ඒ සදහා වූ බලයලත් පුද්ගලයන් හෝ ආයතන මගින් මේවා ( calibreat ) කර ගැනීම කල යුතු වේ.

තරිඳු ඉන්ද්‍රජිත්
මෙය digital micro meter ලෙස හදුන්වනු ලැබෙි. 0.001 mm වැනි ඉතා සියුමි විශ්කමිබයකින් යුතැ දැ මැනිමට සහ ඉතා නිවැරදිව විශ්කමිබ ලබා ගැනිමට භාවිතා කරනු ලබයි. Eg: මොටර් කොයිල් , පොලිතින් වැනි දැ ඝනකම ලබා ගත හැක ( කෙස් ගසක ඝනකම්න් 100න්1 සියුමි විශ්කමබයක් මෙයින් මැනි ගත හැක) යමක් මැනිමට පෙර මෙය පිරිසිදු කර දකුනු පස ඇති කුඩා හැඩලයෙන් අැගිලි 2ක ශක්තියෙන් පමණක් කෙලවර දෙක එකට ගැවෙන සේ තද කර digital තිරයේ 00 වේ දැයි බලා නිවරදි කර ගැනිම අනිවාර්යවෙි.

සචිත් නුවන්
මයික්‍රො මීටර් ඉස්කුරුප්පු ආමානය
*ආමානයේ සඳහන් උපරිම මිනුමට(මෙහි 25mm) වඩා අඩු දශමස්තාන තුනක් දක්වා නිවැරදි(0.001mm) මිලි මීටර් මිනුමක් ලබාගැනීමට භාවිත කරනු ලබයි
*භාවිතයේදී මෙහි මූලාංක දෝශය ගැන අවදානය යොමු කල යුතු අතර ඉතා කුඩා කම්බි වැනි සියුම් ද්‍රව්‍ය වල මිනුම් ලබා ගන්නා බැවින් අනවශ්‍ය පීඩනයක් නොයෙදෙන පරිදි හකු සීරු මාරු කිරීමෙන් නිවැරදි මිනුමක් ලබාගත හැකි වේ

සිසිර මානවඩු
මයික්ක්‍රො මීටරය.මම මෙික පහු ගිය අවුරැදු දෙකක් භාවිතා කළා.නිවැරදිව පිටත මානයන් ගන්න පුළුවන්.මම මෙික භාවිතා කළේ කුඩා ඉංජින් එකක පිශ්ටන් එක කපීමෙීදී. එක දිගට කැපෙන කෑලි මනින විට පැයකට වරක්වත් මෙික චෙක් කරන් වුනා.හරියටම නිවැරදිද කියල බලන්න.මෙික අගින් අල්ලා කරකවා මිනුමි ගත යුතුය.එහිදී කොපමණ කරකැවිවත් අදාල තද වීමට වඩා වැඩියෙන් තද නොවෙි.දෙවනුවට තිබෙන මහත කොටසින් අල්ලා කරකැවීමෙිදී නිවැරදි මිනුම නොලැබෙි.

කසුන් සමරවික්‍රම
Digital micro meter, with. . 001mm least count with accuracy. Used to measure thikness diameters and any measuruments require high accuracy. Should pay attention on error reading and when turning the shaft important to use the rutchet action with turning shaft.

කුෂාන් මධුවන්ත
This is both side flat type digital micrometer. minimum reading – 0.001 mm & measuring range – 0-25 mm. made in japan. this type micrometers are using to measure both side flat surfaced product thicknesess. very sensitive, soft using purposes only.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *