Home » විශේෂාංග » The Future Scholar » නිවර්තන වැසි වනාන්තර

නිවර්තන වැසි වනාන්තර

නිවර්තන වැසි වනාන්තර ලෙස හැඳින්වෙන්නේ ඉහල ආර්ද්‍රතාවයකින් යුතු අධික වර්ෂාපතනයකින් යුතු වනාන්තර ය. මෙම වනාන්තර තෙත් සදාහරිත වනාන්තර ලෙසද හඳුන්වන අතර මුහුදු මට්ටමේ සිට 900 m පමණ උසින් පිහිටි ප්‍රදේශ වල මෙම වනාන්තර දක්නට ලැබේ. මෙම වනාන්තර වල වාර්ෂික වර්ෂාපතනය දළ වශයෙන් 200 mm පමණ වන අතර සෙල්සියස් අංශක 20 – 34 අතර උෂ්sinharaja-forest-51ණත්වයකින් යුතු වේ. නිවර්තන වැසි වනාන්තරයන්හි ශාක ඝනව වැඩී ඇති අතර මෙහි ශාක ස්තරීභවනයක් දක්වයි. එනම්, එම ශාකයන්හි මුදුන් පැහැදිළි ලෙස ස්තර තුනකට වෙන්ව තිබීමයි. ශාක මේ අයුරින් ස්තරීභවනයක් දක්වන හෙයින් මෙම වනාන්තර වලට ලැබෙන්නේ මද සූර්යාලෝකයකි. එහෙයින්, තෙත් වර්ෂා වනයන්හි බිම් වගාව වැඩි වශයෙන් දක්නට නොලැබේ. තෙත් කාලගුණයකින් හෙබි මෙම වනාන්තරයේ ගංගා ඇල දොළ ආදී දිය පහරවල් ද බහුලය. එසේම, නිවර්තන වැසි වනාන්තර වල ශාක එකිනෙකට බොහෝ ලංව පිහිටන හෙයින් ශරීර ප්‍රමාණයෙන් විශාල සතුන් (උදා. අලි ඇතුන්) මෙම වනයන්හි නොසිටියි. බොහෝ විට ඒකදේශික සත්ව වර්ග මෙම වනයන්හි බහුල වේ. එසේම, නිවර්තන වැසි වනාන්තර යනු ඉහල ජෛව විවිධත්වයකින් යුතු ස්වභාවික පරිසර පද්ධතියකි.

මංජරී මනේෂා හසංජලි මීදෙනිය
8 ශ්‍රේණිය
මහින්ද රාජපක්ෂ විද්‍යාලය
හෝමාගම

ලිපිය ගැන ඔබගේ අදහස් මනේෂා දියණිය දන්වන්න

 

Verification

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *