Home » අධ්‍යාපනික වීඩියෝ » දිය සුළි විදුලි ජනනය

දිය සුළි විදුලි ජනනය

මේ ලිපියෙන් අද කතා කරන්න යන්නේ කුඩා ප්‍රමාණයේ ජල-විදුලි බලාගාර (micro hydro power-plant) තාක්‍ෂණයක් ගැන.  මෙය හඳුන්වන්නේ gravitation water vortex power plant යන යෙදුමෙන්. සාමාන්‍ය ජල විදුලි බලාගරයකදී වෙන්නේ ජලයේ ඇති විභව ශක්තිය පළමුව චාලක ශක්තිය බවටත් ඉන් පසුව විද්‍යුත් ශක්තිය බවටත් පරිවර්තනය කිරීම. එනම්, ප්‍රමාණවත් මට්ටමේ විදුලියක් නිපදවන්න නම් ජලය සතුව ප්‍රමාණවත් විභව ශක්තියක් තියෙන්න ඕනේ. විභව ශක්තිය වැඩි වෙන්නේ ජල කඳේ උස අනුව (මෙයට කියන තාක්‍ෂණික වදන තමයි hydrostatic head – හයිඩ්රොස්ටැටික් හෙඩ්).

gravitational water vortex

ටර්බයිනයේ සහ ටැංකියේ සැකැස්ම

නමුත් මෙම ජල විදුලි බලාගාරය හදා ගන්න ලොකු උසක සිට වැටෙන දිය පහරක් අවශ්‍ය වන්නේ නැහැ. අඩි 2 සිට අඩි 10ක පමණ වූ උසක් ප්‍රමාණවත්. මෙහි පහළ ඇති වීඩියෝව දැන් නරඹන්න. එවිට එහි ක්‍රියාකාරිත්වය ඔබට දැකගන්න හැකි වේවි.

මෙහි ටර්බයිනය සවිකර තිබෙන්නේ රවුම් ටැංකියේ මැදට වන්නට. ටැංකියේ ගැට්ටට ස්පර්ශක වූ දිශාවකින් (tangential direction) තමයි වතුර පාර එන්නේ. වතුර ටික ටැංකියෙන් පිට වෙන්නේ ටර්බයිනය යටින් ඇති පිටාර නලයෙන් මෙහි ඇති රූප සටහනින් මෙය ඔබට වඩා හොඳින් පැහැදිළි වේවි. මෙම සැකසුම නිසා ටැංකිය ඇතුලත දිය සුළියක් (vortex) ගොඩනැගෙනවා. මෙම දිය සුළියේ ඇති වතුර වල චාලක ශක්තිය තමයි ටර්බයිනයේ චාලක ශක්තිය බවට පත්වී ඉන් පසු විද්‍යුත් ශක්තිය බවට පත්වෙන්නේ.

මෙවැනි විදුලි ජනන බලාගාරයක සෛද්ධාන්තික කාර්යක්ෂමතාවය (theoretical efficiency) 80% පමණ වන අතර ප්‍රායෝගිකව අත්කරගෙන ඇති කාර්යක්‍ෂමතාවය 73%ක් පමණ වන බව තමයි විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් වන්නේ.

මෙහි නිර්මාණ අයිතිය තියෙන්නේ ඔස්ට්‍රියානු ජාතික ඉංජිනේරුවෙකු වන Franz Zotlöterer හට. මේ නිසා මෙම ටර්බයින් නම් කර තියෙන්නේ Zotlöterer turbine ලෙසින්.

මේ ගැන වැඩි විස්තර මේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්http://www.zotloeterer.com/ (ඉංග්‍රීසියෙන් නෙමෙයි තියෙන්නේ, හැබැයි පරිවර්තනය කර ගන්න පුළුවන්)

gravitation water vortex power plant

මේ තියෙන්නේ කුඩා ජල විදුලි බලාගාරයක් (micro hydro power-plant). මෙය හඳුන්වන්නේ gravitation water vortex power plant යන යෙදුමෙන්. සාමාන්‍ය ජල විදුලි බලාගරයකදී වෙන්නේ ජලයේ ඇති විභව ශක්තිය පළමුව චාලක ශක්තිය බවටත් ඉන් පසුව විද්‍යුත් ශක්තිය බවටත් පරිවර්තනය කිරීම. එනම්, ප්‍රමාණවත් මට්ටමේ විදුලියක් නිපදවන්න නම් ජලය සතුව ප්‍රමාණවත් විභව ශක්තියක් තියෙන්න ඕනේ. විභව ශක්තිය වැඩි වෙන්නේ ජල කඳේ උස අනුව (මෙයට කියන තාක්‍ෂණික වදන තමයි hydrostatic head – හයිඩ්රොස්ටැටික් හෙඩ්). නමුත් මෙම ජල විදුලි බලාගාරය හදා ගන්න ලොකු උසක සිට වැටෙන දිය පහරක් අවශ්‍ය වන්නේ නැහැ. අඩි 2 සිට අඩි 10ක පමණ වූ උසක් ප්‍රමාණවත්. මෙහි ටර්බයිනය සවිකර තිබෙන්න රවුම් ටැංකියේ මැදට වන්නට. ටැංකියේ ගැට්ටට ස්පර්ශක වූ දිශාවකින් (tangential direction) තමයි වතුර පාර එන්නේ. වතුර ටික ටැංකියෙන් පිට වෙන්නේ ටර්බයිනය යටින් ඇති පිටාර නලයෙන් ( කොමෙන්ටුවක් ලෙසින් දමා ඇති රූපය බලන්න). මෙම සැකසුම නිසා ටැංකිය ඇතුලත දිය සුළියක් (vortex) ගොඩනැගෙනවා. මෙම දිය සුළියේ ඇති වතුර වල චාලක ශක්තිය තමයි ටර්බයිනයේ චාලක ශක්තිය බවට පත්වී ඉන් පසු විද්‍යුත් ශක්තිය බවට පත්වෙන්නේ. මෙවැනි විදුලි ජනන බලාගාරයක සෛද්ධාන්තික කාර්යක්ෂමතාවය (theoretical efficiency) 80% පමණ වන අතර ප්‍රායෝගිකව අත්කරගෙන ඇති කාර්යක්‍ෂමතාවය 73%ක් පමණ වන බව තමයි විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් වන්නේ. මෙහි නිර්මාණ අයිතිය තියෙන්නේ ඔස්ට්‍රියානු ජාතික ඉංජිනේරුවෙකු වන Franz Zotlöterer හට. මේ නිසා මෙම ටර්බයින් නම් කර තියෙන්නේ Zotlöterer turbine ලෙසින්. මේ ගැන වැඩි විස්තර මේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන් http://www.zotloeterer.com/ (ඉංග්‍රීසියෙන් නෙමෙයි තියෙන්නේ, හැබැයි පරිවර්තනය කර ගන්න පුළුවන්)[Shared via: https://www.youtube.com/watch?v=oo_mP18IXMo]

Posted by විදු ලොවින් – Science & Technology on Wednesday, 6 January 2016

Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *